slc
Home   |    News
අගෝස්තු 25, 2020
ඩිල්රුවන් පෙරේරා කඩුලු 800 සමාජයට

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කඩුලු 800 සීමාව ඉක්මවා යෑමට කොළඹ කෝල්ට්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා  (25 දා) අද සමත්විය. සුපර් 8 තරග වටයේ අවසන් තරගය හෙවත් එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී චතුරංග ද සිල්වාගේ කඩුල්ල දවා ගත් ඩිල්රුවන් කඩුලු 800 සීමාව අභිබවා යෑමට සමත්වූවේය.

වසර 80 කට ඈත අතීතයකට හිමිකම් කියන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ කඩුලු 800 සීමාව ඉක්මවා ගිය පස්වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට ඩිල්රුවන් අද පත්විය. ඩිල්රුවන්ට පෙර එම සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1001), දිනුක් හෙට්ටිආරච්චි (929) සහ සජීව වීරකෝන් (802) පමණි.

කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ පැවැති තරගයේදී පළමු දිනයේදී ලකුණු 119 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 4 ක් දවා ගත් ඩිල්රුවන් මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැනි ස්ථානයේ සිටි සජීව වීරකෝන්ව (802) පස්වැනි තැනට ඇද දමමින් සිව්වැනි ස්ථානය දක්වා තේරී පත්වූවේය. දිල්රුවන් මේ වන විට පළමු පෙළ තරග 222 කට සහභාගිවෙමින් කඩුලු 803 ක් දවාගැනීමට සමත්ව සිටින අතර ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 71 කට කඩුලු 7 ක් සටහන් වේ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest