slc
logo
Home   |    News
අගෝස්තු 31, 2020
වාර්තාගත ඉනිමේ රහස චන්දිමාල් හෙළි කරයි

Sri Lanka Cricket

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අන්තර් සමාජ පළමු පෙළ තරඟයක දී නොදැවී ලකුණු 354ක් රැස් කරමින් පිතිකරුවකු ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ලබා ගැනීමේ නව වාර්තාව බිහි කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, එම අසීරු  ඉලක්කය කරා යෑමට අවස්ථාව උදා දැඩි කැපවීමකින් සහ මහන්සියකින් යුතුව පුහුණුවීම්වල නියැළීම නිසා බැව් සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පැවති සාකච්චාවක ඉහත අදහස් පළ කර සිටි චන්දිමාල්, ශාරීරික යෝග්‍යතාවය උසස් මට්ටමක තබා ගැනීමට හැකිවීමද ඊට කදිම ශක්තියක් වූ බවද සඳහන් කර සිටියේය.

“වසරක පමණ කාලයක් මා ජාතික කණ්ඩායම නියෝජනය කළේ නෑ. නමුත් යුද හමුදා කණ්ඩායම සමඟ සිදුකරනු ලබන පුහුණුවීම් වලදී මම දැඩි කැපවීමකින් සහ මහන්සියකින් කටයුතු කළා. මා එහිදී ශාරීරික යෝග්‍යතාවය ද උසස් මට්ටමක රඳවා ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඇත්තටම මේ තරගයේදී වාර්තාවක් කරා යන්න ඕන කියලා පන්දුවට පහර දෙන්න පැමිණි අවස්ථාවේදී හිතුණේ නෑ. ඒත් ලකුණු 200 සීමාව ඉක්ම වූ පසු මා සිතුවේ ලකුණු 300 ඉලක්කයක් කරා යන්න ඕන කියලා” යැයි චන්දිමාල් සිය අදහස් පළ කරයි.

“මා ලකුණු 292ක් ලබා සිටින විට එළියෙන් මට පණිවුඩයක් එවලා තිබුණා ලකුණු 317ක් ගත්තොත් මේ සීසන් එකේ ලකුණු 1000 ඉක්මවන්න පුලුවන් කියලා. මම ඒ ලකුණු සංඛ්‍යාව ලබා ගත්තට පස්සේ ටී බ්‍රේක් එකට ඇවිල්ලා ඉන්නකොට ටීම් එකේ අයයි නිලධාරීන් කිව්වේ අන්තර් සමාජ තරගයක පිතිකරුවකු ලබා සිටින වැඩිම ලකුණු සංඛ්‍යාව වුණු කිත්රුවන් විතානගේ තියලා තියෙන ලකුණු 351 වාර්තාව බිද දැමුවොත් ඒක මට වගේම යුද හමුදාවටත් ගෞරවයක් කියලා. ඒ අනුව තමයි මේ ඉනිම මේ තරම් දීර්ඝ වුණේ”.

 “ලකුණු 354 ක් ගත්තට පස්සේ කිව්වේ හිටපු නායක මහේල ජයවර්ධන දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගයේදී ලබාගෙන තිබුණු ලකුණු 374ක් පසු කරලා ලංකාවේ වැඩිම ලකුණු ලබපු පිතිකරුවා බවට පත් වෙන්න. ඒත් තේ පානයට පෙර සිටම මගේ අදහස වුණේ සැරසන්ස් කණ්ඩායමට පන්දුවට පහර දීමේ වාරය ලබාදිය යුතුය යන්නයි. ඒ අනුව පළමු ඉලක්කය ලද විගසම අපේ ඉනිම අත්හිටුවන්න කටයුතු කළා” යැයි සිය ඉනිම පිළිබඳව චන්දිමාල් වැඩිදුරටත් කරුණු සඳහන් කර සිටියි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් ක්‍රීකට් ක්‍රීඩාවට පිවිස චන්දිමාල් සමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වෙමින් 2008-09 වසරේ ආනන්ද විදුහල් කණ්ඩායමේ නායකත්වය පවා හෙබවීය. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 57 කට සහභාගි වී ලකුණු 3877 ක් ද එක්දින තරග 146 කදී ලකුණු 3597ක් ලබා ලබා සිටින්නේ පිළිවෙළින් ඉනිමක සාමාන්‍ය 40.8සහ 32.4 ක් රඳවා තබා ගනිමිනි ටෙස්ට් අංශය යටතේ චන්දිමාල්ගේ නම ඉදිරියෙන් ශතක 11 ක් සහ අර්ධ ශතක 18 ක්ද, එක්දින අංශයෙන් ශතක 4 ක් සහ අර්ධ ශතක 22 ක්ද සටහන්ව තිබේ. විස්සයි-20 තරග අංශය යටතේ තරග 54 ක් නියෝජනය කර තිබෙන චන්දිමාල් ලබා සිටින ලකුණු 800 ට අර්ධ ශතක 4 ක්ද ඇතුළත් කරගෙන සිටියි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee