slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2020
අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල් යයි

sinhala editor

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (07 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට තරග සංවිධායක කමිටුව අද (06 දා) පියවර ගෙන තිබේ.

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර තිබෙන සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පූර්වාරක්ෂාවක් ලෙසින් ඉහත තීරණයට එළැඹීමට තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ  අවසන් පූර්ව තරග 2 හෙවත් එස්. එස්. සී. සහ බදුරලිය අතර තරගයත් කෝල්ට්ස් සහ ලන්කන් අතර තරග හෙට දිනයේ නොපැවැත්වෙන අතර එය යළි තරග පැවැත්වීමට සුදුසු දිනකදී පැවැත්වීමට කටයුතු යොදනු ඇත.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee