slc
Home   |    News
නොවැම්බර් 29, 2020
ඕෂද ප්‍රනාන්දු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරේ

sinhala editor

Chamila Karawita reporting from Hambantota

බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින් පැවැත්වෙන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ලක් වුණු දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දුට එම්.ආර්.අයි. පරීක්ෂණයකට යොමු කිරිමට එම කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.

එම තරගයේ පන්දුවට පහර දෙමින් සිටි අතරතුරදී ලකුණක් සඳහා පැති මාරු කර ගැනීමට කරන ලද උත්සාහයේදී පාදය ලිස්සා ඇද වැටීම මත වෛද්‍ය අංශ වල සහයෝගයෙන් පිටියෙන් ඉවත්ව ගියේය. දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ තෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් පැවැති අවස්ථාවේදී ඕෂද මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේය. ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලකින් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයට මුහුණ දුන් ඕෂද මේ වන විට කණ්ඩායම නවාතැන් ගෙන සිටින හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රය වෙත පැමිණ සිටියි.

පන්දුවට පහර දුන් අනතයේ සිට ප්‍රතිවිරුද්ධ අන්තය වෙත ලකුණක් ලබා ගැනීමේදී කරන ලද උත්සාහයේදී ඔහු පාදයේ ආබාධයට මුහුණ දුන් නමුත් එම පරීක්ෂණ වාර්තාව පැමිණෙන තෙක් ඔහුගේ තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීම එම කණ්ඩායම් මාධ්‍ය කලමනාකරු ලෙසින් කටයුතු කරන රොස්කෝ තටිල් මහතා ප්‍රතික්ෂේප කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් 17 වැනිදා ටෙස්ට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත අතර ඒ සඳහා පිටත්ව යන ක්‍රීඩකයින් 22 දෙනාගේ සංචිතයට ඕෂධ ද ඇතුළත්ව සිටිති. ඉකුත් 2019 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී මංගල ටෙස්ට් වරම් දිනා ගන්නා ලද ඕෂධ එම තරගාවලියේදී පිතිකරුවකු ලෙසින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය. එම තරගාවලිය ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමේදීම පරාජය කිරීමට සමත්වූයේ එවැනි දස්කමක් ආසියාවෙන් කළ පළමු කණ්ඩායමට බවට පත් වෙමිනි.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest