slc
Home   |    News
නොවැම්බර් 5, 2020
LPL පවත්වන්න අනුමැතිය හිමිවෙයි – තරගාවලි ආරම්භය නොවැම්බර් 26 දා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්. පී. එල්. පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය උපදෙස් පරිදි මෙම නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කොවිඩ් 19 වසංගතයේ බලපෑම් හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර සකච්ඡා වට කීපයක්ම පැවැත්විණි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නියම කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව තරගාවලිය පැවැත්වීම සඳහා රජය විසින් අනුමැතිය ලබා දී තිබේ.

 “තරගාවලිය පැවැත්වීම සඳහා රජයේ අනුග්‍රහය ලැබීම නිසා අපිට තරගාවලිය ඉදිරිය ගැන ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තරගාවලිය හම්බන්තොට පමණක් පැවැත්වීම නිසා තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන ආරක්ෂිත ජෛව බුබුළ (Bio-Secure Bubble) පවත්වාගෙන යෑමත් පහසු කරවන්නක්” යැයි තරගාවලිය සම්බන්ධව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය.

මේ අතර තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතාද අදහස් දක්වමින්, “අසීරු කාල වකවානුවක වුණත් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත යුතු හොඳම තීරණයට එළැඹීම ගැන මම ස්තූතිවන්ත වනවා. එය පහසු කටයුත්තක් නොවේ. කොහොම වුණත් මේ ගත්ත හොඳ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් යහපැවැත්මට උපකාරී වෙනවා වගේම ශ්‍රී ලාංකිකයින්ගේ මතකයේ රැඳේවි කියලා මම විශ්වාස කරනවා”යි සඳහන් කර සිටියේය.

තරගාවලිය පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධව අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාටත්, මේ කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිණියට මෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ ස්තූතිය පුද කර සිටියි.

එමෙන්ම කොවිඩ් 19 මැඬලීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු ලබා දුන් සහයෝගය පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්තූතිය පළ කර සිටියි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest