slc
Home   |    News
දෙසැම්බර් 10, 2020
පීඩනය කියන එක මට හුරුයි – අසේල ගුණරත්න

Sri Lanka Cricket

පෙර පරිදිම සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි තත්ත්වයකට තමා යළිත් පැමිණි සිටීම ඉමහත් සතුටට කරුණකැයි බදාදා (9) ජැෆ්නා ස්ටැලියන්ස් සමග තරගයේදී තරගයේ වීරයා ලෙස තේරුණු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් අසේල ගුණරත්න ප්‍රකාශ කරයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායමට 4 ට තේරීම සඳහා ජයග්‍රහණය තීරණාත්මක වුණු ජැෆ්නා ස්ටැලියන්ස්ක කණ්ඩායමට එරෙහි තරගයේදී කැන්ඩි ටස්කර්ස්හි ජයග්‍රහණයේ නියමුවා බවට පත් වුණු අසේල තරගයෙන් පසුව ඉහත අදහස් පළ කර සිටියේය.

“මේ වගේ අසීරු තත්ත්වයන්ට මුහුණ දෙමින් පීඩනය මැද ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙන යාමේ භාරදූර අවස්ථාවන් රැසකටම මා මුහුණ දී සිටිනවා. ඉන් ගොඩක් අවස්ථා මම ජයගෙන තියෙනවා. අදත් මා සාර්ථක වූයේත් එවැනිම අවස්ථාවකට මුහුණදීමෙන්” යි පැවැසූ ප්‍රකාශ කළේය.

මෙම තරගයේදී පන්දුවාර 4 කදී ලකුණු 21 කට කඩුලු 2 ක් සහ පන්දුවට පහර දෙමින් පන්දු 37 කදී නොදැවී ලකුණු 52 ක් රැස් කරන ලද්දේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ද සමඟිනි.

“මගේ පන්දුවට පහරදීම පසුගිය දිනවල මඳක් දුර්වල තත්ත්වයක් පැවැතුණත් මේ තරගාවලියේදී නැවත සුපුරුසු තත්ත්වයකට ඒම සතුටට කරුණක්. ඉදිරි තරග කිහිපයේදී මේ දක්ෂතා මේ අයුරින්ම පවත්වාගෙන යමින් කණ්ඩායමට උපරිමයෙන් දායක වීම මගේ අරමුණයි”.

“ජාත්‍යන්තරයේම අවධානය යොමුවන මෙවැනි තරගාවලියක් සාර්ථකව සංවිධානය කිරීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අප ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම ක්‍රිකට් තරග පැවැත්වීම අපහසු මෙවැනි යුගයකදී තරුණ ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත්ව මෙරට ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයකට විදේශ ක්‍රීඩකයන් සමග තරග අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාවීම අගය කළයුතු කරුණක්” යැයිද අසේල ගුණරත්න ප්‍රකාශ කළේය.

ජයග්‍රාහී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා අදහස් දක්වමින් “අද අප අත්කර ගත්තේ අවශ්‍යයෙන්ම තිබූ ජයග්‍රහණයකි. මේ තරගය අප පරාජය වූවානම් ඉතිරි තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබුණා. දැන් අපි ඊළග තරගයට යන්නේ සැහැල්ලු ආකාරයකින් තරගය ජයගැනීමේ අපේක්ෂාව ඇතිවයි” යැයි සඳහන් කර සිටියේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest