slc
Home   |    News
දෙසැම්බර් 29, 2020
සංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලද දශකයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සහ විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තෝරාගෙන තිබේ. කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් ලසිත් මාලිංග දශකයේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වලටත් ඇතුළත්ව සිටිති.

ගෙවී ගිය 2010 වසරේ සිට 2020 දක්වා වූ කාල සීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අදාළ කණ්ඩායම් සඳහා යොදා ගත හැකි හොඳම ක්‍රීඩකයින් 11 දෙනා දශකයේ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඇතුළත් කර තිබේ. එම කාල සීමාව තුළ කුමාර් සංගක්කාර අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළද දශකයේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ඔහුව නම් කර තිබේ. ඒ අනුව ඔහුට වෙන්වී තිබෙන්නේ එම කණ්ඩායමේ අංක 6 පිතිකරණ ස්ථානය වේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තේරීම් මණ්ඩලයක් විසින් සිදුකරන ලද මෙම තෝරා ගැනීමේදී ඉන්දීය නායක විරාත් කෝලි දශකයේ කණ්ඩායම් 3 ටම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. එමෙන්ම දශකයේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහාද කෝලිව නම් කර තිබේ. කෙසේ වෙතත් දශකයේ විස්සයි-20 සහ එක්දින කණ්ඩායම් වල නායකත්වය හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිව නම් කර තිබේ.

දශකයේ ටෙස්ට් කණ්ඩායම – ඇලෙස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි (නායකයා), ස්ටීව් ස්මිත්, කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජේම්ස් ඇන්ඩර්සන්.

දශකයේ එක්දින කණ්ඩායම – රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාත් කෝලි, ඒ.බී. ඩිවිලියර්ස්, ශකීබ් අල් හසන්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), බෙන් ස්ටෝක්ස්, මිචෙල් ස්ටාර්ක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඉම්රාන් තහීර්, ලසිත් මාලිංග

දශකයේ විස්සයි-20 කණ්ඩායම – රෝහිත් ෂර්මා, ක්‍රිස් ගේල්, ඒරන් ෆින්ච්, විරාත් කෝලි, ඒ.බී. ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), කිරන් පොලාර්ඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා, ලසිත් මාලිංග.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest