slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2020
හිමින් පන්දු යැව්වාට ගෝල් ග්ලැඩියේටර්ස් පිලට දඩයක්

Sri Lanka Cricket

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල වයිකින්ස්ට එරෙහිව දෙසැම්බර් 09 වැනිදා පැවැති තරගයේදි නියමිත කාල වේලාවේදී  පන්දුවාර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත්වීම මත ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනාට සිය තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියමර කර තිබේ.

කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවූ මෙම තරගයේ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව දක්වා තරගය ඇදී ගියත් ඒ වෙනුවෙන් වෙන්කර තිබෙන කාලය ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යැවීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අසමත්වී තිබේ. අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීම සදහා ගෝල් ග්ලැඩියේටර් පිල ගත කරන ලද කාලය සැලකීමේදී නියමිත කාල සීමාව වනවිට පන්දුවාරයක් පසුපසින් සිටීම මත එම දඩ මුදල නියම කිරීමට තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද වෙන්ඩල් ලැබ්‍රෝයි මහතා තීරණය කර තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන චර්යාධර්ම පද්ධතියේ 2.23 වන වගන්තියට අනුකූලව, අවම වැරදිවලට අදාළව මෙම දඩය පැනවීමට පියවර ගෙන තිබේ. සිදුවූ වැරද්ද සම්බන්ධයෙන් ගෝල් ග්ලැඩියේටර් නායක භානුක රාජපක්ෂ වරද පිළිගැනීම නිසා එය නඩු විභාගයකින් තොරව අවසන් විය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee