slc
logo
Home   |    News
දෙසැම්බර් 29, 2020
සංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලද දශකයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සහ විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තෝරාගෙන තිබේ. කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් ලසිත් මාලිංග දශකයේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වලටත් ඇතුළත්ව සිටිති.

ගෙවී ගිය 2010 වසරේ සිට 2020 දක්වා වූ කාල සීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අදාළ කණ්ඩායම් සඳහා යොදා ගත හැකි හොඳම ක්‍රීඩකයින් 11 දෙනා දශකයේ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඇතුළත් කර තිබේ. එම කාල සීමාව තුළ කුමාර් සංගක්කාර අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළද දශකයේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ඔහුව නම් කර තිබේ. ඒ අනුව ඔහුට වෙන්වී තිබෙන්නේ එම කණ්ඩායමේ අංක 6 පිතිකරණ ස්ථානය වේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තේරීම් මණ්ඩලයක් විසින් සිදුකරන ලද මෙම තෝරා ගැනීමේදී ඉන්දීය නායක විරාත් කෝලි දශකයේ කණ්ඩායම් 3 ටම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. එමෙන්ම දශකයේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහාද කෝලිව නම් කර තිබේ. කෙසේ වෙතත් දශකයේ විස්සයි-20 සහ එක්දින කණ්ඩායම් වල නායකත්වය හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිව නම් කර තිබේ.

දශකයේ ටෙස්ට් කණ්ඩායම – ඇලෙස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි (නායකයා), ස්ටීව් ස්මිත්, කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජේම්ස් ඇන්ඩර්සන්.

දශකයේ එක්දින කණ්ඩායම – රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාත් කෝලි, ඒ.බී. ඩිවිලියර්ස්, ශකීබ් අල් හසන්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), බෙන් ස්ටෝක්ස්, මිචෙල් ස්ටාර්ක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඉම්රාන් තහීර්, ලසිත් මාලිංග

දශකයේ විස්සයි-20 කණ්ඩායම – රෝහිත් ෂර්මා, ක්‍රිස් ගේල්, ඒරන් ෆින්ච්, විරාත් කෝලි, ඒ.බී. ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), කිරන් පොලාර්ඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා, ලසිත් මාලිංග.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee