slc
Home   |    News
පෙබරවාරි 17, 2021
15න් පහළ පුහුණු සංචිතයේ පුහුණුව යළි ඇරඹේ

Sri Lanka Cricket

2024 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කරගෙන ආරම්භ කරන ලද ක්‍රීඩකයන් 64කගෙන් සමන්විත වූ 15න් පහළ ජාතික සංචිතයේ පුහුණු කටයුතු අදාළ මධ්‍යස්ථානයන්හිදී නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මෙහි බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථානය ක්‍රීඩකයන්ගෙන් 22කගේ සහභාගිත්වයෙන් බෙත්තාරාම ක්‍රීඩාංගණයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේත් මධ්‍යම පළාතේ මධ්‍යස්ථානය ක්‍රීඩකයන් 15කගේ සහභාගිත්වයෙන් මහනුවර පල්ලේකැලේදීත් දකුණු පළාතේ මධ්‍යස්ථානය ක්‍රීඩකයන් 15කගේ සහභාගිත්වයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේත් උතුරු සහ උතුරු මැද ප්‍රදේශයන්හි පුහුණු මධ්‍යස්ථානය ක්‍රීඩකයන් 12ක සහභාගිත්වයෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේත් පැවැත්වේ.

මෙම සංචිතය පසුගිය වසරේදී ආරම්භ කළද කොවිඩ් 19 ආසාධනයන් මත අතර මග නතර කැරිණි. ඉදිරි සති කිහිපය තුළ මේ මධ්‍යස්ථානයන්හි පුහුණු කටයුතු සහ පුහුණු තරග නැවත ඇරැඹේ.

සංචිතයන්ට ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ පසුගිය වසරේ අවුරුදු 15න් පහළ තරගාවලියට සහභාගිවූ පාසල් කණ්ඩායම් පන්සියයක් පමණ අතුරින් අන්තර් කොට්ඨාශ, දිස්ත්‍රිකක් සහ පළාත් මට්ටමෙන් විශේෂ දක්ෂතා පෙන්වු ක්‍රීඩකයන් තෝරා සංචිත ගත කිරීමෙනි. මේ මධ්‍යස්ථානයන්හි පුහුණුකරුවන් ලෙස ක්‍රියාකරනුයේ ක්‍රිකට් ආයතනය මගින් පැවැත්වු කණිෂ්ට ක්‍රිකට් පුහුණු පාඨමාලා සමත්වු පුහුණුකරුවන්ගේ සහභාගිත්වයෙනි.

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පුහුණු උපදේශක ටිම් මැකස්කිල්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සංචිතයන් ක්‍රියාත්මකවේ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
USD United States (US) dollar

Pin It on Pinterest