slc
logo
Home   |    News
මාර්තු 16, 2021
පොලොන්නරුව, ජයසිරිපුර පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ පරිත්‍යාගයක්

Sri Lanka Cricket

16-03-2021

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

පිති, හිස්වැසුම්, අත් ආවරණ, පා ආවරණ, ක්‍රිකට් සඳහා භාවිතා කරන අනෙක් මෙවලම් ඇතුළු උපකරණ කට්ටලයට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිතයට ගැනෙන ලණු පැදුරක්ද (මැටිං) ලබා දෙන ලද උපකරණ අතර විය.

දක්ෂතාවයන්ගෙන් හෙබි සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්මාණය කර ඇති ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන යටතේ සිදුකරන ලද මෙම උපකරණ බෙදාදීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී ලෙසින් කටයුතු කරන අප්සාරි තිලකරත්න මහත්මියගේ, කාන්තා ක්‍රිකට් මෙහෙයුම් හා සංවර්ධන උපදේශක ලුතිනන් කර්නල් මනූජ කාරියප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැත්විණ.

උපකරණ භාර ගැනීම සඳහා එම පාසලේ ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ජනක ප්‍රියනාත් මහතා පැමිණ සිටි අතර එහිදී අදහස් දක්වමින්, බාලිකා ක්‍රීඩිකාවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් ක්‍රිකට් පුහුණුවීම් සඳහා සහභාගිවන බවත්, එළැඹෙන පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු වරට පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට සූදානම්ව සිටින බව සඳහන් කර සිටියේය.

උපකරණ තොගය ලබාදීමට අමතරව පුහුණුකරු ප්‍රියනාත් මහතාට පළමු පෙළ පුහුණු පාඨමාලාව හැදැරීම සඳහා ශිෂ්‍යත්වයක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar