slc
Home   |    News
මාර්තු 26, 2021
ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට ගේන බවට මූඩිගෙන් ප්‍රතිඥාවක්

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසන කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් වසර 3 ක කාලයක් සඳහා කොන්ත්‍රාත් ගතව සිටින මූඩි මහතා, සිය සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මංගල මාධ්‍ය හමුවේදී ඉහත කරුණු අනාවරණය කර සිටියේය.

“ඇත්තටම මෙම ක්‍රියාවලියේදී අපිට සියලුම අංශයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තලයකට ගෙන යා හැකියි. එය පුද්ගලයින් හෝ ක්‍රීඩකයින් මත පමණක්ම නොවෙයි, යටිතල පයහසුකම් ගැනත් අවධානය යොමු කළ යුතුයි” යැයි මූඩි සඳහන් කර සිටියේය.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කිසියම් සමාලෝචනයක් සිදුකළ යුතුයි. ප්‍රධාන පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තරයේ මා ලබා සිටින විවිධ අත්දැකීම් සමඟ ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී ඉදිරියේදී සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් කීපයක් කිරීමට යම් කාලයක් ගතවෙයි. නමුත් ක්‍රිකට් කමිටුවේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මම හොඳ සූදානමකින් සිටිනවා” යැයිද 2007 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහ තරගය දක්වා රැගන යෑමට සමත්වූ ප්‍රධාන පුහුණුකරුවා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

“මේ සමස්ථ ක්‍රියාවලිය හරහා අපිට නිවැරදි ව්‍යුහය ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ නම් අප සිටිය යුතු තැනට අප නැවත පැමිණෙනු ඇත” යැයිද මූඩි සඳහන් කර සිටියි.

මූඩි මහතා අසුන්ගෙන සිටි ප්‍රධාන වේදිකාවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ ප්‍රධානියා වන අරවින්ද ද සිල්වා සහ මුත්තයියා මුරලිදරන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ද අසුන්ගෙන සිටියේය.

එහිදී ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා අදහස් දක්වමින්, ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ටොම් මූඩිව පත් කිරීමත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළිත් කීර්තිමත් කාලයක් කරා පැමිණෙනු ඇති බව තමා විශ්වාස කරන බවද සඳහන් කර සිටියේය.

“ඇත්තම කියනවා නම් අපේ ජාතික කණ්ඩායම මේ පසුකරමින් සිටින්නේ ඉතා අසීරු කාල පරිච්ඡෙදයක් කියලා අපි දන්නවා. නමුත් අපි උපායශීලීව මෙය හරි මාර්ගයකට ගන්න සියලු උත්සාහයන් සිදුකරනු ලබනවා. එය අවසන් වීමෙන් පසු සාර්ථක ප්‍රතිඵල ලැබෙයි” යැයි අරවින්ද ද සිල්වා මහතා පවසයි.

“මෙහිදී මූඩි සමඟ අපේ කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීවට කටයුතු කරනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම දේශීය ක්‍රිකට් ව්‍යුහයත් සමඟ ක්‍රීඩාවේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින් ගැටලු ඇති තැන් වොතොත් එය නිසි ක්‍රමවේදයකට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සාකච්ඡා කරනවා. එහිදී පාසල් ක්‍රිකට් සඳහා මාවතක් සකස් කිරීම, වර්තමාන ක්‍රීඩකයින් ගේ කොන්ත්‍රාත්තු, සහායක කාර්යය මණ්ඩලය සහ පුහුණුකරුවන්ගේ ක්‍රමවේදය වගේම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු කරලා තියෙනවා. එය සෑම පාර්ශ්වයකම පූර්ව අනුමැතියෙන් පසුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා”.

“මෙහිදී අපි මුරලි (මුත්තයියා මුරලිදරන්) සහ සංගාකා (කුමාර් සංගක්කාර) සහ මහේල (මහේල ජයවර්ධන) සමඟ අපි සාකච්ඡා කීපයක්ම පැවැත්වුවා. එහිදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන සැලැස්මක් සඳහා ක්ෂණිකව ආරම්භ කරන ලද වැඩසටහනකට අපි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. එතැනදී පළමු පෙළ තරගාවලියේ ව්‍යුහය, යෞවනයින්ගේ සංවර්ධනය කිරීම වැනි දේශීය ව්‍යුහයේ සිදුකළ යුතු සංශෝධන අපි විසින් ඉදිරිපත් කරනු ලබනවා”යැයිද ද සිල්වා මහතා කරුණු දක්වා සිටියේය.

මෙහිදී මූඩි මහතාගේ පත්වීම කෙරෙහිද වැඩි දුරටත් කරුණු දක්වා සිටි ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ටතම දකුණත් පිතිකරුවා, “අපි මූඩිව පත් කළේ ඔහුට ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ලොකු අදහසක් ඇති ක්‍රීඩකයෙකු, පුහුණුකරුවකු සහ පරිපාලකයෙකු විදියට තියෙන අත්දැකීම් සලකලා බලලා. ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්, භෞත චිකිත්සකයින් සහ නිලධාරීන් මට්ටමකට ගෙන ඒමයි. එම නිසා මින් ඉදිරියට විදේශයන්හි සිටින කිසිවකු බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ”

මූඩි මෙහි කටයුතු කරනු ලබන වසර 3 ඇතුළතදී අපි මේ තනතුරු වල වගකීම ලබා ගැනීමට තරම් අපි වර්ධනය විය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා පරිපාලනයෙන් කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීමට” යැයි ද සිල්වා මහතා පවසයි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest