slc
logo
Home   |    News
මැයි 21, 2021
‘කුසල්’ලා අතර තරගයෙන් මෙන්ඩිස්ලා ජය ලබති

sinhala editor

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් XI ‘ඒ’ සහ කුසල් XI ‘බී’ අතර පවත්වන ලද පුහුණු තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කුසල් XI ‘බී’ කණ්ඩායම සමත්විය.

පන්දුවාර 40 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා ගිය කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කුසල් XI ‘ඒ’ පිලට පන්දුවාර 37 කුත් පන්දු 2 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 282 ක් පමණිත.

කුසල් XI ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ අෂේන් බණ්ඩාර අර්ධ ශතක වාර්තා කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. සංචිතය සතු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් නවය බැගින් වන සේ බෙදා පවත්වන ලද මෙම තරගයේදී දෙපිළේම පිතිකරුවන් 9 දෙනා බැගින් පන්දුවට පහර දුන්හ.

ඒ අතරින් අෂේන් බණ්ඩා පන්දු 79 කදී ලකුණු 80 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි ඔහුට අමතරව අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දුන් වනිඳු හසරංග පන්දු 39 කදී වේගවත් ලකුණු 79 ක් රැස් කරගන්නා ලද්දේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි. නායක කුසල් පෙරේරාට රැස් කරගත හැකි වූයේ ලකුණු 28 ක් පමණි. පන්දු යවන්නන් අතරින් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගැනීමට චාමික කරුණාරත්න සමත්විය.

ඩකාහි ක්‍රීඩා අධ්‍යාපන ආයතන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී  නිරෝෂන් දික්වැල්ල, සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කරමින් කුසල් XI ‘බී’ පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ. එක් පිලකට පන්දුවාර 40 බැගින් සීමා වෙමින් පැවැත්වෙන මෙම තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු දික්වැල්ල පන්දු 63 කදී නොදැවී ලකුණු 88 ක් රැස් කරගත්තේය. එයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්ව තිබිණ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උප නායක කුසල් මෙන්ඩිස් ලකුණු 71 ක් ලබා ගනු ලැබුවේ සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කර ගනිමිනි. ඔහු පන්දු 49 කට පමණක් මුහුණ දුන්නේය.

කුසල් XI ‘ඒ’ – කුසල් පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, වනිඳු හසරංග, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, ඉසුරු උදාන, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

කුසල් XI ‘බී’ – කුසල් මෙන්ඩිස් (නායක), නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර.

කුසල් XI ‘බී’ පන්දුවාර 40 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 284 යි (නිරෝෂන් දික්වැල්ල 88*, පැතුම් නිස්සංක 02, කුසල් මෙන්ඩිස් 73, ධනංජය ද සිල්වා 25, චාමික කරුණාරත්න 35, රමේෂ් මෙන්ඩිස් 02, බිනුර ප්‍රනාන්දු 21*, ලක්ෂාන් සඳකැන් 27*, ධනුෂ්ක ගුණතිලක 26/1, අසිත ප්‍රනාන්දු 27/1, ඉසුරු උදාන 40/1, වනිඳු හසරංග 43/1)

කුසල් XI ‘ඒ’ පන්දුවාර 37.2 කදී සියලු දෙනා දැවී ලකුණු 282 යි – (අෂේන් බණ්ඩාර 80*, වනිඳු හසරංග 79, කුසල් ජනිත් 28, ධනුෂ්ක ගුණතිලක 17, දසුන් ශානක 01, අකිල ධනංජය 05, ශිරාන් ප්‍රනාන්දු 02, අසිත ප්‍රනාන්දු 00, චාමික කරුණාරත්න 40/3, දුෂ්මන්ත චමීර 45/1, රමේෂ් මෙන්ඩිස් 57/1, බිනුර ප්‍රනාන්දු 43/1, ලක්ෂාන් සඳකැන් 59/1)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee