slc
Home   |    News
මැයි 11, 2021
19න් පහළ III කොටසේ “ඒ” කාණ්ඩයට සුදුසුකම් ලැබුවෝ…..

Sri Lanka Cricket

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහය වූ අන්තර්  පාසල් 19න් පහළ ක්‍රීකට් තරගාවලියේ I සහ II වන කොටස්හි තරග නොබෝදා නිමාවට පත්වූ අතර එහි තෙවන (III) කොටසේ “ඒ” කාණ්ඩයේ අර්ධ අවසාන පූර්ව වටය සඳහා කණ්ඩායම් අටක් මේ වන විට සුදුසුකම් ලැබ සිටිති.

දැනට පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් මත මේ තරග දින කිහිපයකට නතර කර ඇති  අතර අර්ධ අවසාන පූර්ව තරග අට නොබෝ දිනකින් ඇරඹෙනු ඇතැයි පාසල් ක්‍රිකට් සංගමය ප්‍රකාශ කරයි.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියන් 2020 මාර්තු මස මුල සිට සෞඛ්‍ය හේතුන් මතම නොපැවැත්විණි. ජාතික සහ ජාත්‍යන්තර මට්මමේ ක්‍රීඩකයන් බිහි කරන මේ වයස් කාණ්ඩයන්හි ක්‍රීඩකයන්ට අත්‍යවශ්‍ය පුහුණුව සහ තරග වැදීමේ අවස්ථාව සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා පාසල් ක්‍රීකට් I කොටසේ “ඒ”  කාණ්ඩයේ සූරතාවය නොබෝදා කොළඹ රාජකිය විදුහල පරදා මරදාන ශාන්ත ජොශප් හිමිකර ගත්තේය.

III වන කොටසේ “ඒ” කාණ්ඩයේ අර්ධ අවසාන පූර්ව වටයට තේරී ඇති කණ්ඩායම් අට වනුයේ මොරටුව මෙතෝදිස්ත උසස් පාසල, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විදුහල, ගාල්ල විද්‍යාලෝක, ඉබ්බාගම්ව මධ්‍ය මහ විදුහල, වත්තල ශාන්ත ජෝශප්, යාපනය මැදි විදුහල, හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ මතුගම ශාන්ත මේරී විදුහලය.

පෙර අර්ධ අවසාන පූර්ව වටයේ ප්‍රතිඵල මෙසේය

  1. ගාල්ල විද්‍යාලෝක කඩුලු පහකින් බදුල්ල මධ්‍ය මහ විදුහල පරාජය කළේය.
  2. යාපනය මධ්‍ය මහ විදුහල කඩුලු හතකින් පොළොන්නරුව රාජකීය පැරදවීය.
  3. ඉබ්බාගමුව මැදි විදුහල කඩුලු දෙකකින් මීගමුව ලොයලා විදුහල පරාජය කරයි.
  4. මොරටුව මෙතෝදිස්ත උසස් පාසල ලකුණු 100කින් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පරදවයි.
  5. වත්තල ශාන්ත ජෝශප් ලකුණු 6කින් රත්නපුර ශාන්ත ඇලෝසියස් පරාජය කරයි.
  6. හංවැල්ල රාජසිංහ විදුහල කඩුලු 8කින් මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විදුහල පරදවයි.
  7. මතුගම ශාන්ත මේරී ලකුණු 88කින් කොළඹ කේරී පරාජය කරයි.
  8. මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විදුහල ලකුණු 2කින් මතුගම ආනන්ද ශාස්ත්‍රාලය පරදවයි.

 අර්ධ අවසාන පූර්ව වටය

  1. මොරටුව මෙතෝදිස්ත උසස් පාසල – මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විදුහල
  2. ගාල්ල විද්‍යාලෝක – ඉබ්බාගමුව මැදි විදුහල
  3. වත්තල ශාන්ත ජෝශප් – යාපනය මැදි විදුහල
  4. හංවැල්ල රාජසිංහ මැදි විදුහල – මතුගම ශාන්ත මේරී විදුහල.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest