slc
logo
Home   |    News
මැයි 24, 2021
පොලොන්නරුවෙන් සහ ඇලහැරින් දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්

Sri Lanka Cricket

බන්දුල මොල්ලිගොඩ

ගම්බද ප්‍රදේශයන්හි වෙසෙන දක්ෂතාවයන්ගෙන් පිරිපුන් පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුනට නිසි පුහුණුව ලබාදී ජාතික මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙල යටතේ පොලොන්නරුව, බකමූණ, ඇලහැර සහ ලක්ෂපාන ප්‍රදේශයන්හි දක්ෂ ක්‍රීඩිකාවන් සෙවීමේ (Talent Search) වැඩසටහනක් ගිය මස (අප්‍රේල්) ක්‍රියාත්මක කැරිණි.

මේ වැඩසටහන යටතේ පොලොන්නරුව ජයසිරිපුර විදුහලට සහ ඇලහැර බකමූණ කුඹුක්කන විදුහලට ක්‍රිකට් ක්‍රීඩා ආම්පන්න රැසක් බෙදාදීමත් එහි ක්‍රීඩිකාවන් පුහුණු සැසිවාරයන්ට සහභාගි කරවීමත් සිදුකරන ලදී.

බෙදා දෙන ක්‍රිකට් උපකරණ අතර ක්‍රිකට් පිති, පන්දු, පා ආවරණ, අත් ආවරණ, විකට්ටු ඇතුළත් වේ. එක් පාසලකට මෙහිදී රුපියල් පණස්දහසකට අධික ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන ලදී.

පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයන්හි නිලධාරීන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණිය අප්සාරි තිලකරත්න මහත්මිය සහ නිලධාරීන්ද මේ වැඩසටහනට එක්ව සිටියහ. එම පෙදෙස්හි විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ දෙමාපියන් මේ සඳහා සහය දැක්වීම විශේෂත්වයකි.

පොලොන්නරුව ජයසිරිපුර විදුහල, අතනගල්ලෑව මහ විදුහල, හිඟුරක්ගොඩ අලුත්ඔය කණිෂ්ට විදුහල, ඇලහැර බකමුණ කුඹුක්කන විදුහල, ලක්ෂපාන මහ විදුහල ඇතුලු විදුහල් කිහිපයකම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා ඇති බාලිකාවන් තෝරා ඔවුනට පුහුණුව සහ පහසුකම් ලබාදීම ද මේ වැඩසටහනට අයත්ය.

නොමිලේ පුහුණුකරුවනගේ සේවයත් ක්‍රිකට් දැල් (නෙට්) ක්‍රිකට් පන්දු, පිති අත් ආවරණ සහ පා ආවරණද මේ බාලිකාවනට සැපයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදුන්වා දී ඇති ගමට ක්‍රිකට් වැඩසටහනට අනුබද්ධවද මෙය ක්‍රියාත්මක කැරේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee