slc
logo
Home   |    News
ජූනි 1, 2021
කාන්තා ලෝක කුසලානට ශ්‍රී ලංකා කණ්ඩායම කඳවුරු බඳිති

Sri Lanka Cricket

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත මීළඟ එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සදහා ක්‍රීඩිකාවන් 40 කුගෙන් සමන්විත සංචිතයක් මේ දිනවල සිය නිවෙස්වල සිට ශාරීරික සුවතා ව්‍යායාම් වල නිරතව සිටින අතර ඔවුනගේ දක්ෂතා (Skills) පුහුණුව ජුනි 8 වැනිදායින් පසු ආරම්භ කිරීමට නියමිතය.

මීළග කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මාර්තු 03 සිට අප්‍රේල් 04 දක්වා මාසයක කාලයක් තුළ නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතය. මේ සදහා කණ්ඩායම් පහක් දැනටමත් සුදුසුකම් ලබා සිටින අතර ඉතිරි කණ්ඩායම් තුන තෝරා ගනු ලබන්නේ ලබන දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියකට පසුවය.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය මෙම ජුනි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය උග්‍ර අතට හැරීම මත තරගාවලිය දෙසැම්බර් දක්වා කල්දැමීමට පියවර ගැනිණ. දොළොස් වැනි වරට පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ (2021) පෙබරවාරි 6 වැනිදා සිට මාර්තු 7වැනිදා දක්වා නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් – 19 ආසාධනය මත එය කල්දැමිණි.

ලෝක කුසලාන තරගාවලියට සත්කාරක රට ලෙස නවසීලන්තය නිතරගයෙන්ම ඊට සුදුසුකම් ලබා සිටී. මේ වන විට මීට සුදුසුකම් ලබා සිටින සෙසු රටවල් වනුයේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවය. තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා සෙසු කණ්ඩායම් තුන තෝරා ගැනීමට දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දූපත්, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු කණ්ඩායම් දහයක් තරග කිරීමට නියමිතය.

ක්‍රයිස්චර්ච්, ඕක්ලන්ඩ් සහ හැමිල්ටන් යන නගරයන්හිදී තරග 31ක් 12 වන කාන්තා ලෝක කුසලාන තරගාවලියට අයත් වන අතර පරාජිතයන් පිට දැකීමේ ක්‍රමයට තරගාවලිය පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම සඳහා පිහිටුවා ඇති 40 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කාන්තා ක්‍රීඩිකාවන් වෙනුවෙන් වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති කාන්තා ක්‍රිකට් අධි කාර්යය සාධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත. 

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee