slc
logo
Home   |    News
ජූලි 29, 2021
ජයග්‍රහණය තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගැනීම ගැන සතුටුයි – ධනංජය ද සිල්වා

Sri Lanka Cricket

තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ඉලක්කය පසු කරන තෙක් ක්‍රීඩාංගණයේ රැඳී සීටීමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටට පත්වන බව ශ්‍රී ලංකා – ඉන්දීයා දෙවන 20-20 තරගයේදී පන්දු 34කදී නොදැවී ලකුණු 40ක් රැස්කර තරගයේ වීරයා ලෙස තෙරුණු උපනායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කළේ ය.

ඉන්දීයාව ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් මට පැවරී තිබූ කාර්යය වූයේ ඉනිම අවසානය තෙක් කඩුල්ලේ රැඳී සීටීමයි.මැද භාගය වන විට එක් ඕවරයකට ලකුණු 15ක් පමණ රැස් කළහොත් ජයග්‍රහණය පහසුවන බව අප දැන සිටියා.එවැනි ඕවර දෙකක් පමණම අවසාන භාගයේ අපට හිමීවීම වැදගත්.අඩුපාඩු සකසා ගෙන ඉදිරි තරග ජයගැනීම අපේකෂාව යැයි ද ශ්‍රී ලංකා උප නායකයා පැවසීය.

තම අපේක්ෂාව කණ්ඩාම වෙනුවෙන් ඉනිම නිමවන තෙක් කඩුල්ලේ රැඳී සිටමින් සෙසු පිතිකරුවන් සමග යහපත් සබඳතා ගොඩනැගීම බව කී ධනංජය ද සිල්වා ඉන්දියාව සමග එක්දින සහ 20-20 තරගාවලියන් දෙක පුරාම ධනාත්මකව ක්‍රීඩා කරමින් ප්‍රතීවාදීන් සමග කරට කර සිටීමට හැකී වීම අනාගතයට සුබ ලකුණක් යැයි ද කීවේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අදහස් දක්වමින් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ඉන්දීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරගත් බවත් මිනොද් භානූක,ධනංජය ද සිල්වා සහ චාමික කරුණාරත්න ජයග්‍රහණ ඉලක්කය කරා යාමේදී පෙරමුණ ගත් බවත් ප්‍රකාශ කළේ ය.

විවිධ තරගවලදී විවිධ ක්‍රීඩකයන් දක්ෂතා අතරට පිවිසීම් පිළිබඳව තමා සතුටට පත් වන බව කී ශ්‍රී ලංකා නායකයා විශේෂයෙන්ම අපගේ තරුණ ක්‍රීඩකයන් වරින් වර දක්ෂතා දැක්වීම මෙරට ක්‍රීකට් ක්‍රීඩාවේ අභීවෘද්ධියට හේතුවනු ඇතැයි ද කිවේ ය.

දෙවන 20-20 තරගයේ කාසියේ වාසිය බලන අවස්ථාවේ  ඉතා අඩු ලකුණු සීමාවන් ට මේ තරගය සීමා වන බවට තමන් ප්‍රකාශ කළේ තණතිල්ලේ ස්වරූපය මත බව කී දසුන් ශානක ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායමක් සමග තරග කිරීමෙන් අපගේ තරුණ ක්‍රීඩකයනට අත්දැකීම් සහ පළපුරුද්දක් ලබා ගැනීමට අවස්ථාව සැළසුනු බවද කිවේ ය.

ඉන්දීය නායක ශිඛර් ධවාන් අදහස් දක්වමින් මේ තරගයට තම කණ්ඩායම ඉදිරිපත් වූයේ පිතිකරුවෙකු අඩුවෙන් බවත් තම ඉනීමට මීට වඩා ලකුණු 10-20 ක් තිබුණා නම් මීට වඩා යමක් කිරීමට අවස්ථාව තිබූ බවත් කීය.

අප ඉනිම හොදින් ආරම්භ කළත් ඉනිම මැද භාගය වන විට නැවත ඉනිම ගොඩගැනීමේ කාර්යයට මුහුණදීමට සිදු වූවා තණතිල්ලේ වේගය අඩු වූ අතර ක්‍රීඩාංගණයද ලිස්සන ස්වරූපයක් ගත්තා මේ සියළු තත්ත්වයන් යටතේ අපගේ තරුණ ක්‍රීඩකයන් තරගයේ අවසාන ඕවරය තෙක් තරග වැදීම පිළිබදව තමා සතුටට හා ආඩම්බරයට  පත්වන බව ද ධවාන් ප්‍රකාශ කළේ ය.

බන්දුල මොල්ලීගොඩ

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest