slc
logo
Home   |    News
අගෝස්තු 9, 2021
ආරාධිත විස්සයි-20 තරගාවලියේ තරග නිලධාරීන් නම් කෙරෙයි

sinhala editor

අගෝස්තු 12 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන එස්.එල්.සී. ආරාධිත කණ්ඩායම් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරුන් තිදෙනකුගෙන් සහ විනිසුරුවරුන් 6 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නම් කරන ලද තරග තීරකවරුන් අතර ටී.එච්. ආර්. ප්‍රියන්ත, නල්ලයියා දේවරාජන් සහ රවී පුංචිහේවා යන මහත්වරුන්ගෙන් සමන්විත වේ. විනිසුරුවන් අතර කොට්ටච්චි සහෝදරයින් දෙපළ වන රෝහිත සහ රවීන්ද්‍ර කොට්ටච්චි යන මහත්වරු ඇතුළත්ව සිටිති.

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 24වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ග්‍රීන්ස්, රෙඩ්ස්, ග්‍රේස් සහ බ්ලූස් යන කණ්ඩායම් තරගාවලිය නියෝජනය කරති.

තරග තීරකවරුන් – ටී.එච්.ආර්. ප්‍රියන්ත, නල්ලයියා දේවරාජන්, රවී පුංචිහේවා

විනිසුරුවරුන් – රෝහිත කොට්ටහච්චි, රවීන්ද්‍ර කොට්ටහච්චි, කීර්ති බණ්ඩාර, දීපාල් ගුණවර්ධන, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee