slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2021
අයර්ලන්තයේ කර්ටිස් කැම්ෆර් පන්දු 4 න් විකට් 4 ක් ගනියි

Sri Lanka Cricket

අයර්ලන්ත කණ්ඩායමේ 22 හැවිරිදි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්ෆර් මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පිට පිටම පන්දු හතරකදී කඩුලු හතරක් දවාලූ ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත්විය. මීට පෙර එලෙස කඩුලු හතර බැගින් දවා ගනිමින් වාර්තා පොත් අතරට එක්ව සිටියේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන්ය. නෙදර්ලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ දහවැනි පන්දු වාරය යැවු කර්ටිස් කැම්ෆර් දෙවන පන්දුවේ සිට පස්වන පන්දුව දක්වා කොලින් ඇකර්මන් (11) රයන් ටෙන්ඩොචට් (00) ස්කොට් එඩ්වඩ්ස් (00) සහ වැන්ඩිමර්ව් (00) දවාලමින් එම වාර්තාගත පන්දු යැවීම සටහන් කළේය.

අයර්ලන්තය මේ තරගයෙන් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු 29ක් ඉතිරිව තිබියදීය. නෙදර්ලන්තය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 106ට පිළිතුරු ලෙස අයර්ලන්තය කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 107ක් ලබා ගත්තේ පන්දුවාර 15.1කදීය. අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ වීරයා සම්මානය ලැබුවේ පිට පිටම කඩුලු හතරක් දවාලු අයර්ලන්තයේ කර්ටිස් කැම්ෆර්ය.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය වෙනුවෙන් ලකුණු දහය සීමාව ඉක්මවූයේ මැක්ස් ඕ ඩොව් (ලකුණු 51යි පන්දු 47යි හතරේ හතයි) නායක පීටර් සීලා (ලකුණු 21යි පන්දු 29යි හතරේ දෙකයි) කොලින් ඇකර්මන් (11) සහ ලෝගන් වැන්බික්ය (11) මොවුන්ගේ හත්වන කඩුල්ලට ඕ ඩොව් සහ පීටර් සීලා එක්කළ ලකුණු 37 සහ තෙවන කඩුල්ලට ඕ ඩොව් සහ කොලින් ඇකර්මන්  එක්කළ ලකුණු 29 හොඳම සබඳතාවයන් වේ. කර්ටිස් කැම්ෆර් ලකුණු 26කට කඩුලු හතරක්ද මාක් ඒඩෙයා ලකුණු 9කට කඩුලු තුනක්ද දවාලීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළේ ගැරත් ඩෙලනි (ලකුණු 44 පන්දු 29යි හතරේ පහයි හයේ දෙකයි) සහ පෝල් ස්ටර්ලින් ය. (නොදැවී 30 පන්දු 39යි හතරේ පහරයි හයේ පහරයි) මොවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 59ක් රැස්කළේ පන්දු වාර 7.5ක දීය. නායක පීටර් සීලා ලකුණු 14ක‍ට කඩුල්ලක්ද ෆ්‍රෙඩ් ක්ලැසන් ලකුණු 18කට කඩුල්ලක්ද දවාලූහ.

ලකුණු සාරාංශය  

නෙදර්ලන්තය පන්දු වාර 20කදී සියල්ල දැවී 106යි – (මැක්ස් ඕ ඩොව් 51, පීටර් සීලා 21, කොලින් ඇකර්මන් 11, ලෝගන් වැන්බික් 11, කර්ටිස් කැම්ෆර් 26/4, මාක් ඒඩෙයා 9/3යි)

අයර්ලන්තය පන්දු වාර 15.1කදී  කඩුලු තුනක් දැවී 107යි – (ඩැරත් ඩෙලන් 44, පෝල් ස්ටර්ලින් නොදැවී 30, පීටර් සීලා 14/1 යි, ෆ්‍රෙඩ් ක්ලැසන් 18/1යි)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee