slc
Home   |    News
ඔක්තෝබර් 21, 2021
ඩේවිඩ් වීසා නැම්බියාව ජයග්‍රහණය කරා ගෙන යයි

Sri Lanka Cricket

නැම්බියාව සහ නෙදර්ලන්තය අතර  අබුඩාබි නගරයේ ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ බදාදා (20) පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ “ඒ” කොටසේ තරගයේ දී නෙදර්ලන්තය ලබාගත් ලකුණු 164ට සාර්ථක පිළිතුරක් දුන් නැම්බියා කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු හතරකට ලකුණු 166 ක් ලබාගනිමින් බලාපොරොත්තු නොවු ජයග්‍රණයක් කරා පියනැගීය.

නැම්බියා කණ්ඩායමට මේ අනගි ජයග්‍රණය ගෙන ඒමට  ප්‍රබල සටනක නියැලුණු අංක පහ පිතිකරු ඩේවිඩ් වීසා නොදැවී ලකුණු 66ක් ලබාගත්තේ පන්දු  40කදී හතරේ පහර හතරක් සහ හයේ පහර හතරක් තුනක් සමගිනි. ඔහු සිව්වන කඩුල්ලට නායක ජර්හාඩ් එරස්මස් සමග අගනා ලකුණු 93 ක් රැස් කළේ පන්දුවාර 8.3 කදීය. එරස්මස් පන්දු 22කදී ලකුණු 32ක් ලබාගත්තේ හතරේ හතරක් සහ හයේ පහරක් සමගය. තරගයේ වීරයා ලෙස තේරුණේ නොදැවී 66ක් රැස්කළ නැම්බියා පිතිකරු ඩේවිඩ් වීසාය.

නැම්බියාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම නෙදර්ලන්තයට පැවරූ අතර ඔවුන් තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 164 ක් ලබාගත්තේ ප්‍රමාණවත් වෙතැයි සිතමිනි. නැම්බියා පිතිකරුවන් අභියෝගය භාර ගනිමින් සිව්දෙනෙකු පමණක් දැවී ලකුණු 166ක් රැස් කළේ පන්දු හයක් ඉතිරිව තිබියදීය.

නෙදර්ලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ වැඩිම ලකුණු ලාභීයා වුයේ ආරම්භක පිතිකරු මැක්ස් ඕ ඩෝව් (ලකුණු70යි පන්දු56යි හතරේ හයයි හයේ එකයි) කොලින් ඇකර්මන් (ලකුණු 35යි පන්දු 32යි හතරේ පහරයි හයේ පහරයි)  ස්කොට් එඩ්වර්ඩ්ස් (ලකුණු 21යි පන්දු 11යි හතරේ 2යි හයේ එකයි) සහ ස්ටීවන් මයිබර්ග්ය. (ලකුණු 17යි පන්දු 16යි හතරේ 2යි)

නෙදර්ලන්තය කණ්ඩායමේ හොඳම සබඳතාවයන් වුයේ තෙවන කඩුල්ලට මැක්ස් ඕ ඩෝව් සහ කොලින් ඇකර්මන් පන්දුවාර 10.2 කදී  එක්කළ ලකුණු 82 සහ පළමු කඩුල්ලට මැක්ස් ඕ ඩෝව්  සහ ස්ටීවන් මයිබර්ග් පන්දුවාර 5.4 කදී එක්කළ ලකුණු 42 ය. නැම්බියාවේ සාර්ථකම පන්දු යවන්නා වු ජාන් ෆ්‍රයිලින්ක් ලකුණු 36 කට කඩුලු දෙකක් දවාලුවේය.

නැම්බියාවේ නායක ජර්හාඩ් එරස්මස් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ ඩේවිඩ් වීසාගේ දක්ෂ පිතිහරඹ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය බවය.

ලකුණු සාරාංශය

නෙදර්ලන්තය කඩුලු හතරකට 164 යි (පන්දුවාර 20) – (මැක්ස් ඕ ඩෝව් 70‚ කොලින් ඇකර්මන් 35‚ ස්කොට්  එඩ්වර්ඩ්ස් 21‚ ස්ටීවන් මයිබර්ග් 17‚ ජාන් ෆ්‍රයිලින්ක් 36/2යි )

නැම්බියාව පන්දුවාර 19 කදී කඩුලු 4 ට 166යි – ( ඩේවිඩ් වීසා නොදැවී 66 යි, ජර්හාඩ් එරස්මස් 32, ස්ටීවන් බාඩ් 19 සේන් ග්‍රීන් 15 ෆ්‍රෙඩ් ත්ලැසන් 14/1යි)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest