slc
Home   |    News
ඔක්තෝබර් 19, 2021
ස්කොට්ලන්තය කළින්ම සුපිරි 12 වටයට

Sri Lanka Cricket

ඕමානයේ අල් අමෙරට් ක්‍රීඩාංගණයේ දී අඟහරුවාදා (19) පැවැති ස්කොට්ලන්ත – පැපුවා නිව්ගිනියා අතර විස්සයි-20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පස්වැනි තරගයෙන් ලකුණු 17කින් ජය ලැබූ ස්කොට්ලන්තය බී කොටසේ දෙවැනි ජයග්‍රහණයද අත්කර ගත්තේ සුපිරි 12 වටයටද සුදුසුකම් ලබමිනි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 165ට පිළිතුරු ලෙස පැපුවා නිව්ගිනිවා කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියළු පිතිකරුවන් පන්දු වාර 19.3කදී දැවී ලකුණු 148කි.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ස්කොට්ලන්තය වෙනුවෙන් පන්දු 49කදී හතරේ පහර අටක් හයේ පහර තුනක් සමඟ ලකුණු 70ක් ලබාගත් රිචී බෙරින්ග්ටන්ය. පැපුවා නිව්ගිනිවා කණ්ඩායම ලකුණු 166ක ජයක් සඳහා පන්දුවට පහර දෙන අවස්ථාවේ ලකුණු 35කට කඩුලු 5ක් දැවී අසීරු තත්ත්වයකට පත්විණි. ඔවුන්ගේ හත්වන කඩුල්ලට නෝමන් වෙනුආ (47) සහ කිප්ලින් ඩොරියා (18) පන්දුවාර 4.5කදී ලකුණු 53ක් රැස්කිරීමත් සමඟ ලකුණු 120ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ නංවාලීමට ඔවුනට අවස්ථාව උදාවිණී. 

ස්කොට්ලන්තයේ ජොස් ඩේවෙගේ ප්‍රබල පන්දු යැවීම (18/4යි) හමුවේ පැපුවා නිව්ගිනිවා ඉනිම 148කදී නිමා විය. එසේවුවද පැපුවා නිව්ගිනිවා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් කිහිපදෙනා දර්ශනීය හයේ පහර එල්ල කරමින් තරගයෙන් ජය ලැබීමේ අදිටනින් අසාර්ථක උත්සහයක නිරත වූහ. 

ස්කොට්ලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ රිචී බරින්ග්ටන් (ලකුණු 70යි පන්දු 49 හතරේ 8යි හයේ 3යි) මැතිව් ක්‍රොස් (ලකුණු 45යි පන්දු 36යි හතරේ 2යි හයේ 2යි) ජෝර්ජ් මුන්සේ (ලකුණු 15 පන්දු 10 හතරේ 3යි) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. මෙහිදී රිචී සහ මැතිව් තෙවන කඩුල්ලට ලකුණු 92ක් ලබාගත්තේ පන්දුවාර 10.2කදීය. පන්දු යැවීමේදී කබුවා මොරේ සහ චඩ් සොපර් පිළිවෙලින් කඩුලු 4ක් සහ 3ක් දවාලමින් දක්ෂතා පෙන්වූහ.

පැපුවා නිව්ගිනිවා කණ්ඩායම ලකුණු 166ක ඉලක්කයක් කරා යද්දී ලකුණු 35කට කඩුලු පහක්ද ලකුණු 56කට කඩුලු හයක්ද දැවී අසීරු තත්ත්වයකදී සිටියදී නෝර්මන් වනුආ (47) සහ කිප්ලින් ඩොරිගා (18) හත්වන කඩුල්ලට පන්දු වාර 4.5කදී ලකුණු 53ක් එක්කර තම කණ්ඩායම තරගයට අවතීරණ කරගත්හ. නෝර්මන් වනුආ පන්දු 37කදී හතරේ දෙකක් හයේ දෙකක් සමඟ ලකුණු 47ක්ද කිප්ලින් ඩොරිගා පන්දු 11කදී හයේ පහරක් හතරේ පහරක් සමඟ ලකුණු 18ක්ද නායක අසාඩ් වාලා පන්දු 11කදී හතරේ හතරක් සමඟ ලකුණු 18ක්ද එඩ් සොපර් පන්දු 11කදී හතරේ පහරක් හයේ පහරක සමඟ ලකුණු 16ක්ද ලැබූහ. ජොස් ඩේවෙ 18ට කඩුලු හතරක් දවාලමින් ස්කොට්ලන්තය පන්දු යවන්නන් අතර කැපීපෙණිනි. 

ලකුණු සාරාංශය 

ස්කොට්ලන්තය පන්දු වාර 20කදී කඩුලු 9ට 165යි – (රිචී බරින්ටන් 70යි, මැතිව් ක්‍රොස් 45, ජෝර්ජ් මුන්සෙ 15, කබුවා මොරේ 31/4යි, චඩ් සෙපර් 24/3යි)

පැපුවා නිව්ගිනිවා පන්දු වාර 19.3කදි සියල්ල දැවී 148යි – ( නෝමන් වනුආ 47, කිප්ලින් ඩොරිගා 18, අසාඩ් වාලා 18, චඩ් සොපර් 16, ජොස් ඩේවෙ 18/4)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest