slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2021
ගුවන් හමුදාව, බී.ආර්.සී, පොලීසිය ජයගනී

Sri Lanka Cricket

මේජර් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ බදාදා (24) පැවැති තරග අතුරින් ගුවන් හමුදාව, බී.ආර්.සී සහ පොලීසිය ජයග්‍රහණ වාර්තා කළහ.

පානදුර – සරස්න්ස්, හලාවත මේරියන්ස් – ගාල්ල සහ නිගම්බු – මුවර්ස් තරග තුනට අයහපත් කාලගුණය හරස්වීමෙන් විසඳුමකින් තොරව තරග නිමාවට පත්විණි.

ගුවන් හමුදාව – නාවික හමුදාව

ගුවන් හමුදාව කඩුලු 2කින් ජයගනී.

වැලිසරදී පැවැති මේ තරගය කණ්ඩායමකට පන්දුවාර 42 බැගින් සිමාවුවද කණ්ඩායම් දෙකම රැස්කළේ අඩු ලකුණු සංඛ්‍යාවන්ය.

ගුවන් හමුදාව වෙනුවෙන් කැපීපෙනුණ දක්ෂතාවයන් පෙන්වූ  ක්‍රීඩකයන්වූ මොවින් සුබසිංහ සහ උපුල් උදයවංශ පරාක්‍රම ලකුණු 21 බැගින් රැස්කළ අතර පන්දු යැවීමේ දී ගයාන් සිරිසෝම ලකුණු 15කට කඩුලු 4ක් දවාලූවේය.

නාවික හමුදාව පන්දුවාර 38.1දී සියල්ල දැවී 111යි – (මධුර මධුශංඛ 35, චමෝද් සඳරු 17, අනුක් ප්‍රනාන්දු 11, ගයාන් සිරිසෝම 15/4, මධුශංඛ ප්‍රේමරත්න 25/3යි)

ගුවන් හමුදාව පන්දුවාර 29.1දී කඩුලු 8ට 112 – (මොවින් සුබසිංහ 21, උදයවංශ පරාක්‍රම 21, කළණ විජේසිරි 15, අරවින්ද ප්‍රේමරත්න 15, දිල්හාන් කුරේ 10, පසිඳු  මධුෂාන් 29/3, අරවින්ද අකුරුගොඩ 28/3, සුදාර දක්ෂිණ 30/2)

බී.ආර්.සී – නුගේගොඩ

බී.ආර්.සී ලකුණු 134කින් ජයගනී.

බී.ආර්.සී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩෑන් මවුස්ලි මේ තරගයේදී පන්දු 94කදී හතරේ පහර අටක් හයේ පහර පහක් සමඟ ලකුණු 105ක් රැස්කර මේජර් ක්‍රිකට් තරගාවලියේ දෙවන ශතක ලාභියා බවට පත්විය. මවුස්ලි දෙවන කඩුල්ලට දුෂාන් හේමන්ත (46) සමඟ පන්දුවාර 10.1කදී ලකුණු 93ක සබඳතාවෙයක් තබාගනිමින් තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්කළහ.

බී.ආර්.සී කණ්ඩායමේ දුෂාන් හේමන්ත ලකුණු 34කට කඩුලු 4ක් දවාලීමෙන් පන්දු යැවීමේදී දක්ෂතා දැක්වීය.

බී.ආර්.සී පන්දු වාර 33.5කදී සියල්ල දැවී 232යි – (ඩෑන්මවුස්ලි 105, දුෂාන් හේමන්ත 46, ළහිරු සමරකෝන් 25, යේසිත් රූපසිංහ 19, නිලංක ප්‍රේමරත්න 50/3, රාහුල් ගුණසේකර 35/3යි)

නුගේගොඩ පන්දුවාර 23.3කදී සියල්ල දැවී 98 – (රවීන් සේයර් 23, ඩෙවින් පත්මනාදන් 19, කෙවින් පෙරේරා 14, දුෂාන් හේමන්ත 34/4, ළහිරු සමරකෝන් 13/2යි)

පොලීසිය – කෝල්ට්ස්

පොලීසිය ලකුණු 62කින් ජයගනී.

මෙවර මේජර් පන්දුවාර තරගාවලිය පුරාම ලකුණු අතර සිටින පිතිකරුවකු වන පොලීසියේ තිලකරත්න සම්පත් මේ තරගයේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 76කදී හතරේ පහර හතරක් හයේ පහර දෙකක් සමඟ අර්ධ ශතකයක් (51) ලැබීය. තිලකරත්න සම්පත් පළමු කඩුල්ලට මනුරංග සොයිසා සමඟ ලකුණු 44ක්ද දෙවන කඩුල්ලට සුජාන් මයුර සමඟ ලකුණු 45ක සබඳතාවයක් තබා ගනිමින් පොලීසිය ප්‍රබල තත්ත්වයකට පත්කළහ.

කෝල්ට්ස් නායක සංගීත් කුරේ ලකුණු 33ක් ලැබීය.

පොලීසිය පන්දුවාර 33.3කදි සියල්ල දැවී 171යි – (තිලකරත්න සම්පත් 51, නදීර බාලසූරිය 32, සුජාන් මයුර 23, මනුරංග සොයිසා 17, අකිල ධනංජය 31/3, රොහාන් සංජය 32/2යි)

කෝල්ට්ස් පන්දුවාර 21.1කදී සියල්ල දැවී 109යි – (සංගීත් කුරේ 33, ප්‍රියමල් පෙරේරා 20, හෂාන් දුමිඳු 16, නලින් ප්‍රියදර්ශන 39/5, ළහිරු දියන්ත 20/3)

පානදුර – සරසන්ස් තරගයේ විසඳුමක් නෑ

පානදුර කණ්ඩායමේ නායක ෂානුක දුලාජ් පන්දු 54කදී ලකුණු 45ක් ලබා තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. සරසන්ස් කණ්ඩායම පානදුර ලබාගත් ලකුණු 144 හඹායද්දී කඩුල්ලකට ලකුණු 30ක් ලබා සිටියදී වර්ෂාව පතිතවූයෙන් තරගයේ විසඳුමක් නොමැතිවම නතර කැරිණි.

පානදුර පන්දුවාර 26.1කදී සියල්ල දැවී 144යි – (ෂානුක් දුලාජ් 45, මාලිංග අමරසිංහ 20, සංජය චතුරංග 15, උදිත් මධුෂාන් 34/3, මොහොමඩ් දිල්ෂාඩ් 23/2)

සරසන්ස් පන්දුවාර 7කදී කඩුල්ලකට ලකුණු 30යි – (සිතාර ගිම්හාන් 13යි)

හලාවත මේරියන්ස් – ගාල්ල තරගයේ විසඳුමක් නෑ.

මේරියන්ස් ලබාගත් ලකුණු 192ට පිළිතුරු ලෙස ගාල්ල පන්දුවාර 15.1කදී කඩුල්ලකට ලකුණු 96ක් ලබා ප්‍රබල පිළිතුරක් දුන්නද වර්ෂාව මත තරගය විසඳුමක් නොමැතිව නිමාවිණි.

හලාවත කණ්ඩායමේ රුමේෂ් බුද්ධික මෙහිදී හතරේ හතක් සමඟ පන්දු 49කදී ලකුණු 50ක් ලැබීය.

හලාවත මේරියන්ස් පන්දුවාර 32.5කදී සියල්ල දැවී 192යි – (රුමේෂ් බුද්ධික 50, තීක්ෂිල ද සිල්වා 33, පුලින තරංග 31, අවිඳු තීක්ෂණ නොදැවී 17, සුභානු රාජපක්ෂ 32/3, සජිත් ප්‍රියාන් 23/2, දිල්ෂාන් කාංචන 27/2යි)

ගාල්ල පන්දුවාර 15.1කදී කඩුල්ලක් දැවී 96යි – (ලිසුල ලක්ෂාන් 31, යශෝධ ලංකා 46යි)

නිගම්බු – මුවර්ස් තරගයේ විසඳුමක් නෑ.

නිගම්බු පන්දුවාර 28කදී කඩුලු 8කට ලබාගත් ලකුණු 100ට පිළිතුරු ලෙස මුවර්ස් පන්දුවාර 15.4කදී කඩුලු 4කට ලකුණු 67ක් ලබා සමතත්ත්වයක පසුවුවත් අයහපත් කාලගුණය මත මෙම තරගයද විසඳුමකින් තොරව නිමවිණි.

නිගම්බු පන්දුවාර 28දී කඩුලු 8ට 100යි – (ඇන්ජලෝ ජයසිංහ 47, පසිඳු උස්හෙට්ටිගේ 19, චාරුක දිල්ෂාන් 16/2, නදීෂ තීක්ෂණ 20/2, දුෂාන් විමුක්ති 21/2,)

මුවර්ස් පන්දුවාර 15.4කදී කඩුලු 4ට 67යි – (සළිඳ උෂාන් 20, කවිඳු කුලසේකර නොදැවී 15, දුෂාන් විමුක්ති 14, උපුල් ඉන්ද්‍රසිරි 16/2යි)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee