slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2021
රාගම – බ්ලූම්ෆීල්ඩ් ජයගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (18) පැවැති තවත් තරග දෙකකින් ජයගැනීමට රාගම සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් සමත්විය.

රාගම සහ හලාවත මේරියන්ස් අතර තරගයෙන් රාගම ලකුණු 58ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් අතර බ්ලූම්ෆීල්ඩ් සහ ගාල්ල අතර තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ඇඳිරි කාලගුණය මත ඩක්වර්ත් ක්‍රමයට ජය ලැබුවේ ලකුණු 18කිනි.

රාගම – හලාවත මේරියන්ස්

රාගමට ලකුණු 58ක ජයග්‍රහණයක්

පන්දු වාර 28කට සීමාවූ මේ තරගයේදී රාගම කඩුලු හයකට ලබාගත් ලකුණු 188ට පිළිතුරු ලෙස හලාවත මේරියන්ස් සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 130කි.

රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක පන්දු 80කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 78ක් රැස්කරද්දී ජානක සම්පත් ලකුණු 23කට කඩුලු පහක් දවාලූවේය. හලාවත මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂිල ද සිල්වා ලකුණු 33කට කඩුලු 2ක් දවා පසුව පන්දු 16කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ ලකුණු 34ක් රැස්කළේය. රාගම දෙවන කඩුල්ලට නිශාන් මධුෂ්ක (78) සහ දිනෙත් තිමෝද්‍ය (61) පන්දු වාර 17.1කදී ලකුණු 103ක සබඳතාවයකින් දක්ෂතා දැක්වූහ.

රාගම පන්දු වාර 28කදී කඩුලු 6ට 188යි – (නිශාන් මධුෂ්ක 78, දිනෙත් තිමෝද්‍ය 61, ජනිත් ලියනගේ 24,තීක්ෂිල ද සිල්වා 33/2යි)

හලාවත මේරියන්ස් පන්දුවාර 20.5කදී සියල්ල දැවී 130යි – (කමිඳු මෙන්ඩිස් 41, තීක්ෂිල ද සිල්වා 34, විශ්ව චතුරංග 29, ජානක සම්පත් 23/5)

බ්ලූම්ෆීල්ඩ් – ගාල්ල

බ්ලූම්ෆීල්ඩ් ලකුණු 18කින් (ඩක්වර්ත්) ජයගනී

යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තියුණු තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ලකුණු 18කින් ජය ගත්තේ අයහපත් කාලගුණය මත ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය.

බ්ලූම්ෆීල්ඩ් නායක හර්ෂ විතානගේ පන්දු 52කදී ලකුණු 37ක්ද ගාල්ල කණ්ඩායමේ නායක චානක රුවන්සිරි පන්දු 53කදී හතරේ දෙකක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 39ක්ද රැස්කරමින් කණ්ඩායමේ දෙකෙහි වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූහ. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ විෂේන් සිල්වා සහ දිලීප ජයලත්ද ගාල්ල කණ්ඩායමේ සජිත් ප්‍රියාන්ද මේ තරගයේදී කඩුලු හතර බැගින් දවාලීම විශේෂත්වයකි. ගාල්ල කණ්ඩායමේ චානක රුවන්සිරි සහ දිල්ෂාන් කඳනආරච්චි (20) හැරුණු විට සෙසු පිතිකරුවන් ලකුණු අතර නොසිටීම ඔවුනට ජයග්‍රහණය කරායාමට බාධාවක්විණි.

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 42කදී 148යි – (හර්ෂ විතාන 39, චරිත කුමාරසිංහ 29, සචින් ජයවර්ධන 20, සනෝජ් දර්ශික 18, සජිත් ප්‍රියාන් 28/4, චලන ද සිල්වා 26/3, හරින් බුද්දිල 28/3යි)

ගාල්ල පන්දු වාර 36.2කදී කඩුලු 9ට 122යි – (චානක රුවන්සිරි 39, දිල්ෂාන් කඳනආරච්චි 20, හරේන් බුද්දිල 17, මිෂේන් සිල්වා 26/4, දිලිප ජයලත් 24/4යි)

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
USD United States (US) dollar

Pin It on Pinterest