slc
Home   |    News
නොවැම්බර් 7, 2021
ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ සටන්කාමී පිතිහරඹයක

sinhala editor

ඉනිමක පරාජයෙන් බේරීමේ සටනේදී නායක සදීර සමරවික්‍රමරගේ වික්‍රමාන්විත පිති හරඹයත් කමිල් මිශාරගේ ධෛර්යවන්ත ඉනිමත් හේතුවෙන් පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේදී අද (07 දා) නිමාවට පත් දෙවැනි සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

සිව්වැනි සහ අවසන් දිනය වූ අද දිනයේදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 317 ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව දෙරට අතර පැවැති සිව්දින තරගාවලිය 0-0 ක් ලෙසින් ජය පැරදුමෙන් තොරවිය.

පැවැති තරග දේකේදීම පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී දුර්වලතාවයක් පෙන්නුම් කළද දෙවැනි ඉනිමේදී ලකුණු අතරට පැමිණීම කැපී පෙනුණි. ඒ අතරින් කැපී පෙනුණු කමිල් මිශාර පළමු තරගයේ පරිදිම මේ තරගයේදීද ලකුණු 98 ක් ලබා ගත්තේය. ශතකය පෙනි පෙනී තිබියදී මිශාර දැවී යෑම කණගාටුදායක විය.

ලකුණු 102 කට කඩුලු 2 ක් දැවී තිබියදී සිව්වැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී කඩුලු 4 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමින් තවත් ලකුණු 215 කින් දෙවැනි ඉනිම පෝෂණය කරගත්තේය. පන්දු 168 ක් පුරා පිටියේ රැඳී කමිල් හතරේ පහර 15 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. දිනයේ සුවිශේෂීම ඉනිම ක්‍රීඩා කළ නායක සදීර නියමිත වේලාවට කළින් තරගය නිමා කරන විටත් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 151 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 223 ක් පුරා විහිදුණු සදීර හයේ පහරක් සහ හතරේ පහර 26 ක් සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය.

පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 394 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ පිල පළමු ඉනිම ලකුණු 67 කට සීමා විය. දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 10 වැනිදා ආරම්භ වනු ඇත.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest