slc
logo
Home   |    News
නොවැම්බර් 16, 2021
2026 වසරේ ලෝක කුසලාන තරගාවලි සත්කාරය ශ්‍රී ලංකාවට

sinhala editor

ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක කුසලාන තරගාවලි අතර 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඉන්දියාවද සම සත්කාරකත්වය දැරීමට නියමිත මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුළද තරග කිහිපයක් පැවැත්වෙනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද දිනයේ නිකුත් කරන ලද නිල තරග කාල සටහනට අනුව 2031 වසර දක්වා ඔවුන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන තරගාවලි එළි දැක්වීම සිදුකෙරිණි. එහිදී 2024 වසරේ සිට 2031 වසර දක්වා වූ කාල සීමාවේදී පැවැත්වීමට අයි.සී.සී. තරගාවලිවලදී රටවල් 14 ක් විසින් සත්කාරකත්වය ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමඟ සම සත්කාරකත්වය ලබා සිටින ඉන්දියාව එම කාල සීමාවේදී ලෝක කුසලාන තරගාවලි 3 කට සත්කාරකත්වය ලබා දීම කැපී පෙනෙයි. ඉන්දියාව සතුව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පවතින ඉහළ වෙළෙඳ පොළ ඉල්ලුම එයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගත් 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක සම සත්කාරකත්වය දැරූ පාකිස්තානය වසර 29 කට පසු ශූරයන්ගේ කුසලාන තරගාවලියක් පැවැත්වීමට සූදානමින් සිටියි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟින් සම සත්කාරකත්වය ලබා දීමෙන් පසු 2011 වසරේ පැවැති තරගාවලියේ තරග කීපයක් පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ආරක්ෂක හේතූන් මත එම තරග සියල්ලම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යෙදිණ.

ශ්‍රී ලංකාව අවසන් වතාවට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය සිදුකර ඇත්තේ 2012 වසරේදීය. ශ්‍රී ලංකාව අනුශූරතාවයට ඇද දමමින් එම වසරේ ශූරතාව දිනා ගැනීමට ඩැරන් සමීගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවටද ලෝක කුසලාන තරගාවලියක සංවිධාන කටයුතු කිරීමේ අවස්ථාව හිමිව ඇත්තේ වසර 14 කට පසුව කාලයකින් වීම කැපී පෙනෙයි.

සෑම රටකටම තරගාවලියක් පැවැත්වීමේ අවස්ථාව දිනා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් පදනම්ව මෙම සත්කාරක අයිතීන් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගනු ලැබීය. මෙම කාල සීමාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි 8, සඳහා සත්කාරය දැරීමට සාමාජික රටවල් 17 කින් යෝජනා 28 ක් ඉදිරිපත්ව තිබෙන බවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee