slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2021
Daraz – එල්.පී.එල්.හි ඩිජිටල් සහකරු වෙයි

sinhala editor

දෙවැනි වතාවට පැවැත්වෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් – 2021’ තරගාවලියේ සම අනුග්‍රාහකයකු ලෙස සහ සුවිශේෂී ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz ඉදිරිපත්ව සිටියි. දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොටදී පැවැත්වෙන ‘LPL – 2021’ තරගාවලියේ සියළුම තරග ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කිසිම මුදල් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට සජීවීව ගෙන ඒමට Daraz කටයුතු යොදා තිබේ.

අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් සිදුකරන ලොව ප්‍රභල පෙළේ වාණිජ සමාගමක් වන Daraz ගෙවී ගිය සැප්තැම්බර් මාසයේදී ඩිජිටල් වේදිකාව වන Daraz Live දියත් කිරීමට පියවර ගනු ලැබීය. සජීවී ප්‍රවාහයක් ඇතුළත් ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් කෙරෙන මෘදුකාංකය වන්නේ Daraz  Live ඩිජිටල් වේදිකාව හැඳින්විය හැක.

තරග 24 කින් සමන්විත මෙවර තරගාවලියේදී කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් තරග වදිති. දේශීය ක්‍රීඩකයින්ට, පළපුරුදු ඇති දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයින් සමඟ එක්ව තරග වදිමින් සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමටත්, ඒ ඔස්සේ විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමටත් මේ තරගාලියේදී අවස්ථාව උදාවනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වා සිටින Daraz Sri Lanka හි අළෙවි ප්‍රධානී හේෂාන් පෙරේරා මහතා, “ක්‍රිකට් ජාතියක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාව සෑම තරාතිරමක අයගේ ගෞරවයට පාත්‍රවී සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ අපි හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමේදී අපගේ ගනුදෙනුකරුවන්ට සජීවී තරගයක විනෝදාස්වාදය ගෙන එනවා සේම ඔවුන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමට අපට අවස්ථාව උදාවෙනවා. ඔවුන් ආදරය කරන ක්‍රීඩාව ඔවුන්ට වඩාත් සමීප මාධ්‍යයකින් නැරඹීමට අවස්ථාව සැලසීම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අපේ කැපවීමද පිළිබිඹු වෙනවා” යනුවෙනි.

“එල්.පී.එල්. තරගාවලියේ ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz සමඟ බෙදා ගැනීමට හැකිවීම ගැන අපි සතුටට පත් වෙනවා. Daraz සතුව දෛනික පරිශීලකයින් 350,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, මෙම හවුල්කාරීත්වය යටතේ එල්.පී.එල්. හි ශ්‍රී ලංකාව පුරා ඉහළ නරඹන්නන්ගේ ප්‍රවේශයක් ලබාගත හැකි වනු ඇතැයි අපිට විශ්වාසයි” යැයි තරගාවලි සංවිධායක ආයතනය වන අයි.පී.ජී. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee