slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2021
අවශ්‍යම අවස්ථාවේ කඩුලු ලැබීම සතුටක් – සමිට් පටෙල්

Sri Lanka Cricket

දෙවැනි කඩුල්ල සාර්ථක සබඳතාවයක් තබාගනිමින් ජයග්‍රහණය කරා යද්දී ඔවුනගේ ප්‍රධානම කඩුලු දෙකක් දවාලමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම සතුව තබාගැනීමට දායකත්වයක් දීමට හැකිවීම පිළිබඳව සතුටු වන බව ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිට් පටෙල් තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

තම කණ්ඩායමට තවත් ලකුණු 15ක් පමණ අවශ්‍යව තිබූ බව තමා මුලින්ම දැනසිටි බව කී පටෙල් ලකුණු 150ක් පමණ සංඛ්‍යාවක් රැස්කර තිබුණේ නම් මෙය පහසු තරගයක් බවට පත්කර ගැනීමට අවස්ථාව තිබූ බවද කීවේය.

වර්ෂාවෙන් පසුව පන්දු යැවීමේ කාර්යය මඳක් අසීරු වූයේ පන්දුව තෙත්ව තිබීම මත බව පැවැසූ පටෙල් එසේවූ හෙයින් නිතර පන්දුව පිරිමැදීමටත් දෙවරක් පමණ මාරු කිරීමටත් සිදුවූ බවද කීවේය.

ජයග්‍රාහී ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ ප්‍රකාශ කළේ එම තණතිල්ලේ ලකුණු රැස්කිරීම අසීරු කාර්යයක්ව තිබූ බවත් පසුව ක්‍රමයෙන් තණතිල්ල යහපත් තත්ත්වයට පත්වූ බවත්ය.

තවත් ලකුණු 15 -20ක් පමණ තිබුණා නම් මේ තරගය පහසුවෙන් ජයගත හැකිව තිබූ බව කී භානුක රාජපක්ෂ සමිට් පටෙල්, මොහොමඩ් අමීර් සහ ඉසුරු උදාන ජයන්ට්ස් ඉනිම අග භාගයේ දක්ෂ පන්දු යැවීමක නිරතවීම මත තම කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට අවස්ථාව උදාවූ බව සඳහන් කර සිටියේය.

අඩු පන්දුවාර (14) සංඛ්‍යාවකට සීමාවූ මේ තරගයෙන් ජය ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන් දායකවූ බවද සැමට ස්තූතිය පුද කරන බවද භානුක රජපක්ෂ කීය.

දඹුල්ල ජයන්ට්ස් නායක දසුන් ශානක අදහස් දක්වමින් තම කණ්ඩාමේ ක්‍රීඩකයන් හොඳින් පන්දුවට පහරදීම සහ හොඳින් පන්දු යැවීම සිදුකළත්, පන්දු රැකීමේදීත් උඩ පන්දු ගිලිහීම සහ හරිහැටි පන්දුව රැක නොගැනීමෙන් අමතර ලකුණු දීමෙන් පරාජයට පත්වූ බවයි.

කෙසේ වුවද තම අපේක්ෂාව දෙවන ස්ථානයට පත්ව අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා දිගටම දස්කම් දැක්වීම බවද ජයන්ට්ස් නායකයා ප්‍රකාශ කළේය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar