slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2021
අවසාන මොහොතේ හෝ අවසාන වටයට තේරීම සතුටක් – ඇන්ජලෝ මැතිව්ස්

Sri Lanka Cricket

අවසාන මොහොතේ අවසාන වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවීම පිළිබඳව තමා සතුටට පත්වන බව කළම්බු ස්ටාර්ස්  කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයයේ සිට කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඉදිරියට යාමට හා ආපස්සට යාමට වැනි සාර්ථක සහ අසාර්ථක  තත්ත්වයන්ට මුහුණ දීමට  සිදුවු බව  පැවසු ඇන්ජලෝ මැතිව්ස්  මුලික වටයේ අවසාන තරගයේ දී  කැන්ඩිවොරියර්ස් පරදා හොඳින්ම දක්ෂතා දැක්වීමට අවස්ථාව සැළසීම පිළිබඳව කණ්ඩායම ප්‍රීතියට පත්වු බවද කීය.

කළම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ අංක තුන පිතිකරු ධනංජය ද සිල්වාගේ දෙවන කඩුල්ලේ සබඳතාවයෙන්ම කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට තරග ආරම්භයේදීම පසුබෑමකට ළක්වීමට හේතුවූ බවද එම සබඳතාවය සහ ජෙෆ්රි වැන්ඩසේගේ දක්ෂ පන්දු යැවීම තම කණ්ඩායමේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂයන් වූ බවද මැතිව්ස් පැවසීය.

මේ තරගයේදී අප උපක්‍රම කිහිපයක්ම භාවිතා කළ අතර ඒවා සියල්ල සාර්ථක වූවා. කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා  ඉහළින් පන්දු වට පහරදීමට එවීම සහ මා මැද පෙළට පැමිණීම ඉන් එකකි. ඉදිරි තරගයේදී තවත් උපක්‍රම භාවිතා කිරීමට අපේක්ෂා කරන බවද කළම්බු ස්ටාර්ස් නායකයා කීය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ජෙෆ්රි වැන්ඩසේ තමාට මේ දස්කම් දැක්වීමට ආශිර්වාදය ලබාදුන් දෙවියන් වහන්සේටත් තම දක්ෂතා ප්‍රගුණ කළ පුහුණුකරුවන්ටත් මෙහි ගෞරවය සහ ස්තූතිය හිමිවන බව කීවේය.

මා හට ඉතාමත් අසීරු කාලය පරිච්ඡේදයක් යහපත් වකවානුවක්ද තිබූ බව පැවසූ වැන්ඩසේ පසුගිය මේජර් තරගාවලියේ  සහ මෙම ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේදී තමාට නැවත දක්ෂතා අතරට ඒමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටට පත්වන බවද කීවේය.

කැන්ඩි වොරියර්ස් නායක ඇන්ජලෝ පෙරේරා අදහස් දක්වමින් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් අවසාන තරග තුන වන තුරුම ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් අවසාන පන්දුවාරය තෙක්ම සටන් වැදුනත් මූලික වටයේ අවසාන තරගයේදී එම දක්ෂතා කිසිවක් දක්නට නොලැබුණු බව කීවේය.

කළම්බු කණ්ඩායමේ අවසාන පන්දුවාර හතරේ දී බලාපොරොත්තු නොවු තරම් ලකුණු සංඛ්‍යාවක් දීමට සිදුවු බව කී ඇන්ජලෝ පෙරේරා තම කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් සාර්ථක වුවත් මැදපෙළ අසාර්ථක වීම පරාජයට හේතුවු බවද පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee