slc
logo
Home   |    News
දෙසැම්බර් 26, 2021
ආරම්භක පිතිකරුගේ හැකියාව මා පෙන්වූවා – අවිශ්ක ප්‍රනාන්දු

Sri Lanka Cricket

කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කිරීමට තමන් දැඩි කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා තමාට හැකියාව තිබෙන බව LPL 2021 තරාවලියේදී පෙන්වීමට හැකියාව ලැබුණු බවත්, අවසන් මහ තරගයේ සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අවිශ්ක ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.

LPL හි ජයග්‍රාහී ආධිපත්‍ය පිට පිටම දෙවැනි වතාවටත් ජැෆ්නා කිංග්ස් සතු කර ගැනීමට සමත්, ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 23 ක් වාර්තා කළ අවසන් මහ තරගාවසානයේදී අවිෂ්ක ඉහත අදහස් පළ කර සිටියේය. මෙහිදී තමා පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අංක හතර ස්ථානයෙන් පන්දුවට පහර දෙමින් එතරම් දස්කම් නොපෙන්වූ අවස්ථාවේ පුහුණුකරුවන් සහ නිලධාරීන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර ආරම්භක පිතිකරුගේ ස්ථානය නැවත ලබාගත් බවත් එහි ප්‍රතිඵල මේ වනවිට ලැබී තිබෙන බවත් අවිශ්ක ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ආරම්භක පිතිකරු ලෙස පිටියේ ස්ථාවර වද්දී තමා මුලින් මදක් ස්ථාවර වී පසුව ක්‍රමයෙන් ලකුණු රැස්කිරීමේ වේගය වැඩිකරන බව කී අවිශ්ක ප්‍රනාන්දු අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

2021 එල්.පී.එල් තරගාවලියේ නැගී එන (එමර්ජින්) ක්‍රීඩක සම්මානය දිනූ ජනිත් ලියනගේත් වේගවත්ම හා ප්‍රහාරාත්මක ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරාත් තේරිණි. ජනිත් ලියනගේ ප්‍රකාශ කළේ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන තමාට එල්.පී.එල් තරගාවලියට සහභාගිවීමට අවස්ථාව ලැබීම සිහිනයක් සහ වරප්‍රසාදයක් වූ අතර තරගාවලියේ නැගී එන ක්‍රීඩක සම්මානය හිමිවීම තම ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවත්ය.

ජයග්‍රාහී ජැෆ්නා කින්ග්ස් නායක තිසර පෙරේරා අදහස් දක්වමින් තම කණ්ඩායමට දෙවැනි වතාවටත් කුසලානය දිනාගැනීමට අවස්ථාව හිමිකර ගැනීමට දායකවූ ක්‍රීඩකයන්ටත් අදාළ පුහුණුකරුවන්ටත් නිලධාරීන්ටත් තම ස්තූතිය පුද කළේය.

ගෝල් ග්ලැඩියේටර් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙන අවස්ථාවේ තමා ඇතුළු කණ්ඩායම මද අසීරුතාවයකට පත්වූ බව කී තිසර පෙරේරා එහෙත් ලකුණු 200ක් වැනි සංඛ්‍යාවක් තම කණ්ඩායම ලබා සිටි හෙයින් තරගය ජයගැනීමට හැකිවන බව දැනසිටියේ යැයිද කීය.

එල්.පී.එල් තරගාවලිය වසරෙන් වසර දියුණු වන බව කී ජැෆ්නා කින්ග්ස් නායකයා ලබන වසරේ තරගාවලියට මීට වඩා ප්‍රබල විදේශ ක්‍රීඩකයන්ද එක්වී වඩා තරගකාරී තරගාවලියක් වනු ඇතැයි ද පැවසීය.

ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ අදහස් දක්වමින් අවසාන තරගයේදී පරාජයට පත්වී සූරතාව දිනාගැනීමට අපොහොසත් වූයේ පන්දු රැකීමේ දුර්වලතාවය මත යැයි පැවසීය.

අප මේ තරගාවලියේදී තෙවරක්ම ජැෆ්නා කින්ග්ස් පරාජය කර ඇතැයි කී භානුක රාජපක්ෂ අපගේ අතින් සිදුවූ වැරදි සකසා ගෙන ලබන වසරේ හෝ ජය ගැනීමට අපේක්ෂ කරන බවද කීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar