slc
Home   |    News
දෙසැම්බර් 19, 2021
දසුන් නැතිව දඹුල්ල එලිමිනේටර් තරගයට එයි

sinhala editor

Chamila Karawita reporting from Hambatota

ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය හෙවත් Play Off තරග වටයේ පළමු තරගය වන කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර එලිමිනේටර් (Eliminator) තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයට දඹුල්ල කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන අතර කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින් සිදුකරනු ඇත. ඒ අනුව දසුන්ගේ ස්ථානය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි දඹුල්ල කණ්ඩායමට එක්ව සිටියි.

පුද්ගලික හේතූන් මත තරගාවලියෙන් ඉවත්ව ගිය නැමීබියා කණ්ඩායම නියෝජනය කරනු ලබන දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත ඩේවිඩ් වීස් වෙනුවට කණ්ඩායමට එක්ව සිටින ඇෆ්ගනිස්තානු ක්‍රීඩක කරීම් ජනට් අද තරගයේදී කලම්බු ස්ටාර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීම කැපී පෙනෙයි.

සවස් කාලයේ පවතින සෞම්‍ය සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් මහින්ද රාජපක්ෂ තණතීරුව වේග පන්දු යවන්නන්ට කිසියම් දායකත්වයක් සපයනු ලබන බැවින් දෙපිළම ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනකු සමඟ අවතීර්ණව සිටියි. කලම්බු කණ්ඩායම දුෂ්මන්ත චමීර සහ නවීන් උල්හක් ද ජයන්ට්ස් කන්ඩායම ජොෂ් ලිට්ල් සහ නුවන් ප්‍රදීප් කැඳවමින් තරගයට අවතීර්ණව සිටිති.

තණතීරුව පිළිබඳව වාර්තාව ගෙන ආ එච්. ඩී. ඇකර්මන් ද සඳහන් කර සිටියේ ආර්. ප්‍රේමදාස තණතීරුව මෙන් නොව සූරියවැව තණතීරුව තරමක් වේගවත්, ඉපිලීමක් සහිත මෙන්ම තරමක දෝලනයක් දැක ගත හැකි වනු ඇති බවයි.

දඹුල්ල ජයන්ට්ස් – නිරෝෂන් දික්වැල්ල (නායක), පිල් සෝල්ට්, ජනිත් ලියනගේ, සඳුන් වීරක්කොඩි, නජිබුල්ලා සද්‍රාන්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, සචිත ජයතිලක, ජොෂ් ලිට්ල්, ඉම්රාන් තහීඍ්, නුවන් ප්‍රදීප්.

කලම්බු ස්ටාර්ස් – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, ටොම් බැන්ටන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), කරීම් ජනට්, සීකුගේ ප්‍රසන්න, ජෙෆ්රි වවැනඩ්ර්සි, දුෂ්මන්ත චමීර, නවීන් උල්හක්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest