සාජාහි පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (28) ආරම්භවූ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයට සම්න්ධ නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි ස්ථරවීමත් සමඟ තරගය අතර මග නතර කර දැමීමට පියවර ගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.
වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන නිලධාරීන් දෙදෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් වලට ලක් කරමින් නීරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබෙන අතර තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් මෙන්ම නිලධාරී ස්යල්ලන්ම යළිත් වරක් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව තිබේ.
තරගය නතර කරන අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය පන්දු වාර 32.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා සිටියේය. තරගය නතර කරන අවස්ථාවේ බංග්ලාදේශයේ ලකුණු රැස්කිරීමේ දළවේගය ඉදිරියෙන් තිබීම මත ඔවුන් ඉන්දියාව සමඟ අවසාන පූර්ව තරගයකට සහභාගිවේ. අනෙක් අවසාන පූර්ව තරගය 30 වැනිදා පැවැත්වෙනුයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරය. මේ තරග දෙකෙහි ජයග්‍රාහකයන් 31 වැනිදා ඩුබායි ක්‍රීඩාංගණයේ ආසියානු කුසලාන අවසාන තරගයට සහභාගීවීමට නියමිතය.
මෙදින තරග ආරම්භයේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම බංග්ලාදේශයට පැවරීය. දකුණතින් පිට දඟ පන්දු යවන 17 හැවිරිදි ට්‍රවීන් මැතිව් මුළු ලකුණු 26ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා මෆ්ජුල් ඉස්ලාම් (04) සහ ඉෆ්ටාකර් හෝසේන් (03) ආපසු ක්‍රීඩාගාරයට යැවීමට සමත්විණි. පසුව නායක දුනිත් වෙල්ලාගේ විසින් ප්‍රිට්‍රික් නබිල් ලකුණු 45කටත් ආයිච් මොල්ලා ලකුණු 24කටත් දවාලීමෙන් බංග්ලාදේහයේ සිව්වන කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 83දීය. (පන්දුවාර 23යි)
බංග්ලාදේශය පන්දුවාර 32.4කදී කඩුලු 4ට 130යි – (තරගය අතර මග නතර කරන අවස්ථාවේදී ) – (ප්‍රන්ටික් නබිල් 45, ඒච්මොල්ලා 24, මොහොමඩ් ෆාහීම් නොදැවී 27, අරිෆුල් ඉස්ලාම් නොදැවී 19, ටුවීන් මැතිව් 18/2, දුනිත් වෙල්ලාලගේ 17/2)