slc
logo
Home   |    News
දෙසැම්බර් 29, 2021
වසරේ ටෙස්ට් ක්‍රීඩකයා තේරීමේ සටනට දිමුත්ගේ නමත්

sinhala editor

2021 වසරේදී දක්වන ලද දක්ෂතාවන් වලට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන සම්මාන ප්‍රධානෝත්සවයේදී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැන්ම සඳහා කැඳවන ලද නාම යෝජනා අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත්ව සිටියි. එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දීය දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් සහ නවසීලන්ත ක්‍රීඩක කයිල් ජේමිසන් දිමුත් සමඟ එම සම්මාන සඳහා යෝජනා වී සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දක්වන ලද දක්ෂතා මෙම සම්මාන උළෙල සඳහා යොදා ගැනෙනු ඇත. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 7 කදී ශතක 4 ක් සමඟින් ලකුණු 902 ක් රැස් කරගැනීමට සමත්ව ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.38 ක් රඳවා තබා ගනිමිනි.

බංග්ලාදේශයට එරෙහිව පල්ලකැලේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වූ කරුණාරත්න එම තරගාවලියේදී ලබාගත් ශතක දෙකත්, දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදීත්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගාල්ලේදී ලබාගත් ශතක ඒ අතර කැපී පෙනෙයි.

සෙසු ක්‍රීඩකයින්ගේ දක්ෂතා සංසන්දනය කිරීමේදී ජෝ රූට් තරග 15 කදී ශතක 6 ක් සමඟ ලකුණු 1708 ක් ලබා සිටින අතර රවිචන්ද්‍රන් අශ්වින්, තරග 8 කදී කඩුලු 52 ක් බිඳ හෙළමින් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.23 ක් රඳවා ගැනීමට සමත්ව සිටියි. ඒ අතර පිත්තෙන්ද දස්කම් දක්වා ඇති අශ්වින් ශතකයක්ද සමඟ ලකුණු 337 ක් රැස් කරගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනීමට සමත්ව සිටියි.

දකුණතින් පන්දු යවන කයිල් ජේමිසන් මෙවර තරගවාරයේ තරග 5 කදී කඩුලු 27 ක් ලබා ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලිය නවසීලන්තයට ජයග්‍රහණය කර දීම වෙනුවෙන් දැවැන්ත කාර්යය භාරයක් ඉටු කිරීමට සමත් පන්දු යවන්නකු වූවේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee