slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2021
ආසියානු කුසලානෙට යොවුන් පිල 21 වැනිදා පිටත්ව යයි

sinhala editor

By Chamila Karawita

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙසැම්බර් මස 21 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත. කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරගාවලිය දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වේ.

මූලික වටය යටතේ කණ්ඩායම් 4 බැගින් වන සේ ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි. බංග්ලාදේශය, නේපාලය සහ කුවේට් එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වෙති. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිති.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරග වලදී පළමු සහ දෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ‘බී’ කාණ්ඩයේ එක් තරගයක් හැරුණු කොට සෙසු තරග සියල්ලම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ සියලුම තරග ක්‍රිකට් විද්‍යායතන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 31 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ආසියානු කුසලාන සහ ඉන් පසු පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කර ගනිමින් දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ගෙවී ගිය මාස 2 කට අධික කාලයේදී ඉතා හොඳ නේවාසික පුහුණු සැසි කීපයකට සහභාගිවූ අතරම ලෝක ශූර බංග්ලාදේශ පිලට සහ එංගලන්ත පිලට එරෙහිව තරග 5 කින් සමන්විත එක්දන තරගාවලි 2 කට සහභාගිවිය. එහිදී ලෝක ශූරයින්ව 5-0 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එංගලන්තයට එරෙහි තරගාවලිය 3-2 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කර ගනිමින් ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව මෙම තරගාවලියට පිටත්ව යනු ඇත.

මේ දක්වා පවත්වා ඇති යොවුන් ආසියානු කුසලා තරගාවලි 8 න් එකම අවස්ථාවකදී හෝ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අසමත්වී තිබේ. එම තරගාවලි 7 කම ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වද්දී 2012 වසරේදී පාකිස්තානු පිල සහ ඉන්දියාව සම ශූරයින් ලෙසද,  2017 වසරේදී ඇෆ්ගනිස්තානය ද ශූරතා දිනාගත්හ. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගනු ලැබූවේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වේ. මෙතෙක් ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව 1989, 2003, 2016 සහ 2018 යන වසරවල පැවැති ආසියානු කුසලාන තරගාවලි අනුශූරතාවයට හිමිකම් කියා තිබේ.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee