slc
logo
Home   |    News
ජනවාරි 31, 2022
දකුණු අප්‍රිකාව පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් පිල පස්වැනි තැනට ළංවෙයි

sinhala editor

By Bandula Molligoda

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානයට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉරිදා (30 දා) පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ශතකයක්  රැස්කරමින් පෙන්වු විශිෂ්ට දක්ෂතා මත දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 65ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව මෙවර තරගාවලියේදී පස්වැනි තැනට පත්වීමට නම් 31 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා යොවුන් පිලට තරග කිරීමට සිදුවනු ඇත. එම තරගය පෙබරවාරි මස 03 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නායකයාගේ මේ සුවිශේෂී පිතිහරඹය හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවාර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 232ක් ලබාගත්අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු පිලට පන්දුවාර 37.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 167 ක් පමණි. පන්දු යැවීමේදීද නායක වෙල්ලාලගේ ලකුණු 29කට කඩුල්ලක් දවාලූ අතර ට්‍රෙවීන් මැතිව්, ෂෙවෝන් ඩැනියල් සහ රවීන් ද සිල්වා කඩුලු දෙක බැගින් දවාලූහ.

ශ්‍රී  ලංකා යොවුන් කණ්ඩායම මෙවර අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීයකොදෙව් දූපත් සහ ස්කොට්ලන්තය පරාජයට පත්කරමින් අපරාජිතව අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ නමුත්, එම තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 4 කින් පරාජයට පත්විය.

එබැවින් ශ්‍රී ලංකා යොවුන් පිලේ කුසලාන ගමන හමාර වුණු නමුත් පස්වැනි ස්ථානය සඳහා වන දකුණු අප්‍රිකානු පිලට එරෙහි තරගයට ක්‍රීඩා කිරීමට සිදුවිය. එම තරගයේදී මුල් කඩුලු 3 ලකුණු 25 ක් ඇතුළත බිඳ වැටී තිබියදී පිටියට පිවිසි නායක වෙල්ලාලගේ සහ ෂෙවාන් ඩැනියල් පන්දු 102 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු ඉනිමට ජීවයක් එක් කළහ. අනතුරුව ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව වූ රනුද සෝමරත්න සමඟ වූ පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 140කදී ලකුණු 130ක් විය.

ඇන්ටිගුවා දූපතේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු පන්දුවාර 8.3ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා චමිඳු වික්‍රමසිංහ (08) සදීෂ රාජපක්ෂ (05) ත් පසුව අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසි සකුණ ලියනගේ (00) දවා ගනිමින් ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකානු යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ.

පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දුනිත් වෙල්ලාලගේ වෙනදා පන්දුවට පහර දෙන ස්ථානයට වඩා ඉදිරියෙන් හෙවත් අංක පහ පිතිකරුගේ ස්ථානයෙන් පැමිණෙමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවරත්වය වෙනුවෙන් දිගු සබඳතාවයන් දෙකක් පැවැත්වූහ. සිව්වන කඩුල්ලට අමතරව  සහ පස්වන කඩුලු සඳහා ලංකා ඉනිම ගොඩ ගනිමින් පැවැති සබඳතා දෙකෙහි ප්‍රධාන පිතිකරුවා වෙමින් පන්දුවට පහර දුන්නේ වෙල්ලාලගේය.

දුනිත් මෙදින කණ්ඩායම ගොඩගත් ලකුණු 113 රැස්කළේ පන්දු 130කට මුහුණදෙමිනි. දර්ශනීය හතරේ පහර නවයක් සහ හයේ පහර හතරක්ද පිටියේ දසත පුරාම වෙල්ලාලගේ එල්ල කරද්දී  ඔහුට නොමඳ සහයක් ලබාදුන් රනුදු සෝමරත්න පන්දු 70කට මුහුණදී හතරේ පහර තුනක් හයේ පහර දෙකක් සමඟ නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 57 ක් ලබාගත්තේය. අංක තුන පිතිකරු ෂෙවෝන් ඩැනියල් ද තම වගකිම් මනාව ඉටුකළේ පන්දු 54කදී හතරේ හතරක් සමඟ ලකුණු 29ක් රැස්කර ගනිමිනි.

මෙම ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින වෙල්ලාලගේ මෙම තරගයේ රැස් කරන ලද ශතකයත් සමඟ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේද පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. තරග 5 කට ක්‍රීඩා කොට කඩුලු 17 ක් දවාගෙන සිටින වෙල්ලාලගේ පන්දුවට පහර දීමේදී ලකුණු 224 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 132 ක් රඳවා තබා ගනිමිනි. මෙම ශතකයට අමතරව අර්ධ ශතකයක්ද වාර්තා කිරීමට සමත්ව සිටින වමත් පිතිකරුවා කඩුලු 5 කට වඩා වැඩියෙන් අවස්ථා 2 කදී සටහන් කර ගැනීමට සමත්ව සිටියි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 50කදී කඩුලු හයට 232යි – (දුනිත් වෙල්ලාලගේ 113, රනුද සෝමරත්න නොදැවී 57*, ෂෙවෝන් ඩැනියල් 29, මැතිව් බෝස්ට් 21/2, ක්වෙන මාෆා 60/3)

දකුණු අප්‍රිකාව – පන්දුවාර 37.3කදී සියල්ල දැවී 167යි – (ජර්හඩ් මෙයා 44, රොෂනේ හර්මන් 34, ඇන්ඩයිල් සිම්ලේන් 20, මයිකල් කෝප්ලන්ඩ් 20, රවීන් ද සිල්වා 14/2, ෂෙවෝන් ඩැනියල් 28/2, ට්‍රෙවීන් මැතිව් 41/2, දුනිත් වෙල්ලාලගේ 29/1යි)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar