slc
logo
Home   |    News
පෙබරවාරි 21, 2022
ඉන්දියාවට එරෙහි විස්සයි-20 සටනට අෂේන් ඩැනියෙල්ට කැඳවුම්

sinhala editor

ඉන්දියාවට එරෙහිව මේ මස 24 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පිට දඟ පන්දු යවන අෂේන් ඩැනියල්ව නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අදාළ තරග සංචාරය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ඩැනියෙල් හැරුණු විට සෙසු සියල්ලෝම ඔස්ට්‍රේලියාවට එරෙහි තරග සංචාරයට ඇතුළත් වූවෝ වෙති.

තවමත් විසිඑක්වැනි වියේ පසුවන ඩැනියෙල් මරදාන ශාන්ත ජෝෂප් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වී සිටියි. ඉකුත්දා නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලිග් තරගාවලිය යටතේ මහනුවර කණ්ඩායම නියෝජනය කළ ඩැනියෙල් තරග 3 කදී කඩුලු 10 ක් දවා ගනිමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය දිනා ගත්තේය. ශූරතාව දිනූ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව මූලික වටය යටතේ පැවැති තරගයකදී  ලකුණු 27 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 5 ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වේ.

එම සංචාරයට ඇතුළත්ව සිටියදී මහපටගිල්ලේ ආබාධයකට ගොදුරු වූ රමේෂ් මෙන්ඩිස්ගේ ස්ථානය සඳහා පිට දඟ පන්දු යවන ඩැනියල්ව කැඳවා තිබේ. ඔස්ට්‍රේලියානු තරග සංචාරයට ඇතුළත් වුණු අවිශ්ක ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ආබාධවලට ගොදුරු වූහ. එබැවින් රමේෂ් මෙන්ඩිස් ඇතුළු ඔවුන් දෙපළට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය මඟ හැරෙනු ඇත. තරගාවලිය අතරතුරදී කොවිඩි ආසාධනය වුණු ලොව අංක එකේ විස්සයි-20 පන්දු යවන්නා වන වනිඳු හසරංගද සුවය ලබා කණ්ඩායමට එක්ව සිටියි.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිශාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිර කුමාර, බිනුර ප්‍රනාන්නදු, ශිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, අෂේන් ඩැනියල්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee