slc
Home   |    News
පෙබරවාරි 6, 2022
දිවි ගමනට සමුදුන් හිටපු සභාපති මලලසේකරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවේගය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන විජය මලලසේකර මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දැඩි සංවේගය පළ කර සිටියි. ක්‍රිකට් සභාපතිවරයාට අමතරව, ක්‍රීඩකයකු, පරිපාලකයකු, නීතීඥයකු සහ ඉහළ පෙළේ ආයතනික විධායකයකු වූ මලලසේකර මහතා කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් සිට ඉකුත් සිකුරාදා දින අභාවප්‍රාප්ත වන විට 77 වැනි වියේ පසුවිය.

කොළඹ රාජකීය විදුහලින් මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට අමතරව එම ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. 1967 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවා ලෙස මලලසේකර මහතා කටයුතු කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන ලද පළමු ආසියාතිකයා බවට පත්වූ මලලසේකර මහතා එමවිශ්වවිද්‍යාල කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරග 27 කට සහභාගිවූවේය.

සිය උපාධිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි මලලසේකර මහතා එන්.සී.සී. කණ්ඩායම යටතේ සරා කුසලාන තරගාවලි කීපයක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේය. ඉන් අනතුරුව ඩේලි නිවුස් කුසලාන තරගාවලියේදී කොළඹ සී. සී. සී. කණ්ඩායමට ක්‍රීඩා කළ ඒ මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතුරු කමිටු සභාපතිවරයා ලෙස පත් කරන ලදී. මයිකල් තිසේරා, සිදත් වෙත්තමුණි සහ කුෂිල් ගුණසේකර යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව ටෙස්ට් තරග 10 ක් ජය ගනු ලැබුවේද මලලසේකර මහතා සභාපතිවරයා  ලෙස කටයුතු කරන ලද කාලසීමාවේදීය. එය මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිටම වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන ලද වකවානුව ලෙසින්ද සටහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපතිවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවේ ලබා දුන් දායකත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මොහොතේ සිහිපත් කර සිටියි.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest