slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2022
පුලිනගේ තුන් ඉරියව් දක්ෂතා කැන්ඩි පිලට ජය ගෙනෙයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟ පන්දු යවන්නකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට පුලින තරංග (ලකුණු 29 ට කඩුලු 6 යි) සමත්වීම හේතුවෙන් සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ගෝල් කණ්ඩායමට ඒරෙහිව පැවැති තරගයෙන් ලකුණු 96 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමට අද (01 දා) හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන මෙම තරගාවලියේ දසවන  තරගය වන මේ තරගයේදී කැන්ඩි කණ්ඩායම පන්දුවාර 47.3කදී රැස්කළ ලකුණු 269ට පිළිතුරු ලෙස ගෝල් පන්දුවාර 42.3කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 173 ක් පමණි.

කැන්ඩි කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනාම මේ තරගයේදී ලකුණු අතරට පැමිණීම ඔවුන් හිමිකරගත් ජයග්‍රහණයකි. ලකුණු අතර නොසිටි ඔවුන‍ගේ ආරම්භක පිතිකරු ළහිරු උදාර මෙදින ලකුණු 63ක් රැස්කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.

ගෝල් කණ්ඩායම ලකුණු 270ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී 29 වන පන්දුවාරය වන විට ලකුණු 119කට කඩුලු 8ක් දැවී අසීරු තත්ත්වයක සිටිය දී අගපෙළ  පිතිකරුවන් වන නිමේෂ විමුක්ති (22) හෙෂාන් හෙට්ටිආරච්චි (21) අකිල ධනංජය (නොදැවී 13) රැස් කිරීමෙන් ඔවුනට ලකුණු 173 ක සංඛ්‍යාවකට ළඟා වීමට අවස්ථාව උදාවිණි. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වූ පබසර වඩුගේ ලකුණු 50 ක් සහ අෂාන් රන්දික ලකුණු 28 ක් වශයෙන් දෙවන කඩුල්ලට පන්දු 48කදී ලකුණු 52 ක් එක් කිරීමට සමත්වූහ.

පන්දු යැවීමේදී කැපී පෙනුණු පුලින තරංග පන්දුවාර 7.2 කදී ලකුණු 29 ක් ඇතුළත ප්‍රතිවාදී කඩුලු 6 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායමේ අංක 1 පිතිකරු සිට අංක හය පිතිකරු දක්වා වූ සියළුම පිතිකරුවන් ලකුණු රැස් කිරීමේදී දක්ෂතා දැක්වීමෙන් ඔවුනට ලකුණු 269 ක් (පන්දුවාරයකට සාමාන්‍ය 5.66යි) වැනි සංඛ්‍යාවක් රැස් කිරීමට  අවස්ථාව උදා විණි.එහිදී 25 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේදී කවිශ්ක අංජුල සහ මුදිත ලක්ෂාන්ගේ කඩුලු දවා ගත් දකුණත් පා දඟ පන්දු යවන්නා තරංග, අනතුරුව ක්‍රියාත්මක කරන ලද 27 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීම පබසර වඩුගේව දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය.

එහිදී ප්‍රථම, දෙවන සහ තෙවැනි කඩුලු සඳහා අර්ධ ශතක ඉක්මවා ගිය සබඳතාවයන් පැවැත්වීමද විශේෂත්වයකි.එම සබඳතා තුනටම ආරම්භක පිතිකරු ළහිරු  උදාරගේ දායකත්වයද හිමිවිණි. ප්‍රථම කඩුල්ලට නිරෝෂන්  දික්වැල්ලට එක්වූ ළහිරු උදාර පන්දු 46කදී ලකුණු 63ක්ද දෙවන කඩුලල්ට ලසිත් කෘස්පුල්ලේ සමඟ පන්දු 84කදී ලකුණු 69ක් සද සහ තෙවන කඩුල්ලට  ඔෂද ප්‍රනාන්දු සමඟ පන්දු 59කදී ලකුණු 53ක් ද රැස් කළහ.

උදාරට අමතරව පෙර තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත්වූ ඕෂද ප්‍රනාන්දු යළිත් සාර්ථක වෙමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූවේය. පන්දු 69 කදී වාර්තා වුණු ලකුණු 56 ක ඉනිමට අමතරව ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 29 කදී වේගවත් ලකුණු 46 ක්ද ලසිත් කෘස්පුල්ලේ පන්දු 47 කදී ලකුණු 46 ක්ද කැන්ඩි පිල වෙනුවෙන් රැස් කළහ. පන්දු යැවීමට පෙර පිත්තෙන්ද සාර්ථක වුණු පුලින තරංග පන්දු 15 කදී වේගවත් ලකුණු 20 ක් වාර්තා කළේය.

42 වැනි පන්දුවාරය වන විට කඩුලු 3 කට ලකුණු 234 ක් වශයෙන් කැන්ඩි පිල ප්‍රබල ස්ථානයක පසු වුවත් අකිල ධනංජය ඇතුළු පන්දු යවන්නන් යළිත් තරගයට අවතීර්ණ වෙමින් කැන්ඩි පිලේ අවසන් පිතිකරුවන් 7 දෙනාම ලකුණු 35 කදී දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. ඒ අනුව කැන්ඩි පිල පන්දුවාර 47 කුත් පන්දු 3 කදී සියල දෙනා ලකුණු 269 කට සීමාවිය.

ඒ වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනුණු අකිල ධනංජය ලකුණු 61 කට කඩුලු 5 ක් දවා ගනිද්දී කවිෂ්ක අංජුල ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

තරගයේ වීරයා – පුලින තරංග

ලකුණු පුවරුව

කැන්ඩි පන්දුවාර 47.3ක දී සියල්ල දැවී 269 යි – (ළහිරු උදාර 62, ඕෂද ප්‍රනාන්දු 56, නිරෝෂන් දික්වැල්ල 46, ලසිත් කෘස්පුල්ලේ 46, සහන් ආරච්චි 21, පුලින තරංග 20*, අකිල ධනංජය 61/5, කවිශ්ක අංජුල 34/2)

ගොල් පන්දුවාර 42.2ක දී සියල්ල දැවී 173 යි – (පබසර වඩුගේ 50, අෂාන් රන්දික 28, නිමේෂ් විමුක්ති 22, හෙෂාන් හෙට්ටිආරච්චි 21, අකිල ධනංජය 13*, පුලින තරංග 29/6, ලසිත් ඇඹුල්දෙණිය 36/2)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar