slc
Home   |    News
පෙබරවාරි 18, 2022
NSL අවසන් සටනට කැන්ඩි සහ ජැෆ්නා සීරුවෙන්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දින 27 ක් තිස්සේ පැවැති නැෂනල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටයේ ශූරයින් තෝරනු ලබන අවසන් මහ තරගය හෙට (19 වැනිදා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය තරගාවලියේ එක්දින තරග අංශයේ ශූරතාව වෙනුවෙන් කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් උරෙනනුර ගැටෙති.

ලීග් ක්‍රමයට පැවැති මූළික වටයේදී මුහුණ දීමට නියමිත වුණු තරග 8 න් 6 ක ජය වාර්තා කරමින් කැන්ඩි කණ්ඩායම කළින්ම අවසන් මහ තරග අවස්ථාව වෙන් කර ගනිද්දී මූලික වටය යටතේ තරග වැදි තරග 8 න් 5 ක ජය වාර්තා කරගත් ජැෆ්නා පිල අවසන් මහ තරග වරමට සුදුකම් ලබා සිටිති.

මූලික වටය යටතේ වූ අවසන් තරගය තෙක්ම අවසන් මහ තරග අවස්ථාව අවධානම්ව පැවැති ජැෆ්නා කණ්ඩායම තීරණාත්මක තරගයේදී කලම්බු පිල පරාජයට පත් කරමින් කැන්ඩි සමඟ වූ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගත්තේය.

මූලික වටය යටතේ පැවැති සෑම තරගයක්ම දිවා තරග ලෙසින් පැවැත්වුවද හෙට පැවැත්වෙන අවසන් මහ තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වෙන බැවින් එය කණ්ඩායම් වල පසුවන තරුණ ක්‍රීඩකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නකි. ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයින් වෙත හුරුව ලබා දීමද මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූළික අරමුණක් වන හෙයින් මෙම අවසන් මහ තරගය දැඩි උද්‍යෝගිමත් තරගයක් වනු නොඅනුමානය.

හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටින කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස්, “අපි ගොඩක් හොඳට මේ තරගාවලිය ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා හෙට තරගයට අපේ සූදානම හොඳයි කියලා හිතනවා. ක්‍රීඩකයින් ගත්තොත් ඔවුන් ඉතා හොඳ විශ්වාසයක් ගොඩ නඟා ගෙන සිටිනවා. ජයග්‍රහණය කරන්න තමයි අපේ සැලසුම” යැයි පවසා සිටි අතර, “ජැෆ්නා කණ්ඩායම ගත්තොත් ඉතාම හොඳ කණ්ඩායමක්. එයාලගේ ක්‍රීඩකයින් කීප දෙනෙක්ම ජාතික කණ්ඩායටම ගියා වගේම අපෙත් ක්‍රීඩකයින් දෙන්නෙක් ජාතික කණ්ඩායමට ගිහිල්ලා තියෙනවා. නමුත් මං හිතන්නේ එයාලා නැති වුණත් කණ්ඩායම් දෙකේම හොඳ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඒ නිසා අපිට හෙට හොඳ තරගයක් බලාගන්න පුලුවන් වෙයි” වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දෙපිළේම පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් සමස්ථ තරගාවලිය පුරාම කැපී පෙනෙන අයුරින් දක්ෂතා දක්වා තිබීම කරට කර සටනක් දැක බලා ගැනීමට මං විවර කරන්නකි. කෙසේ වෙතත් එළැඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා වන ජෛව බුබුල සඳහා ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු තිරිමාන්නට අමතරව ආධුනික දඟ පන්දු යවන්නකු වන අෂේන් ඩැනියෙල්ව මුදා හැරීම නිසා හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමිවේ.

මෙවර තරගාවලියේ තරග 8 කට සහභාගිවෙමින් ලකුණු 461 ක් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ජැෆ්නා නායක ධනංජය ද සිල්වා හෙට තරගයට නොමැතිවීම නිසා කණ්ඩායම මෙහෙයවීම ඉදිරි පෙළ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම විසින් සිදුකරනු ඇත. මෙවර තරගාවලියේ තරග 8 කට ක්‍රීඩා කර ඇති දකුණතින් පන්දුවට පහර දෙන සදීර තරග 8 කදී ලකුණු 276 ක් ලබා වැඩිම ලකුණු ලද පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පත්ව සිටියි. ඔහුට අමතරව සංතුෂ් ගුණතිලක ලකුණු 229 ක් ලබා වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර 10 වැනි ස්ථානයේ පසුවෙයි.

අවසන් මහ තරගය ඉලක්ක කර ගනිමින් කැන්ඩි කණ්ඩායම 17 වැනිදා රාත්‍රියේදී විදුලි ආලෝක ධාරා මධ්‍යයේ සිය පුහුණුවීම් සිදුකරද්දී ජැෆ්නා කණ්ඩායම අද රාත්‍රියේදී විදුලි ආලෝක ධාරා මධ්‍යයේ සිය පුහුණුවීම් වල නිරත විය. ඊට පෙර හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ජැෆ්නා නායක සදීර සමරවික්‍රම සඳහන් කර සිටියේ හෙට තරගය සඳහා තම කණ්ඩායමද හොඳ සූදානමකින් පසුවන බවයි.

“අපි හොද තරග කීපයක් මේ තරගාවලිය තුළ ක්‍රීඩා කළා. ඒ නිසා අපි හොද තැනක මේ තරගාවලියේ ඉන්නවා. කණ්ඩායමක් විදයට අපේ කණ්ඩායමේ හැමෝගම මානසික මට්ටම ඉතා ඉහළ තැනක තියෙනවා. අපි හිතනවා අපිට අවසන් තරගයේදී හොඳ තරගයක් බලාගන්න පුලුවන් වෙයි කියලා” යනුවෙන් සධීර සඳහන් කර සිටියේය.

කැන්ඩි කණ්ඩායම සතු ප්‍රධානතම ක්‍රීඩකයා වන නිරෝෂන් දික්වැල්ල තරග 7 කදී ලකුණු 339 ක් ලබා වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහුගේ සහභාගිත්වය කැන්ඩි පිලට අහිමිවීම දැඩි පාඩුවකි. එහෙත් තරග 7 කදී ලකුණු 316 ක් ලබා සිටින ඕෂද ප්‍රනාන්දුට අමතරව ලකුණු 258 ක් ලබා සිටින සහන් ආරච්චිගේ, මෙන්ම ලකුණු 222 ක් ලබා සිටින ළහිරු උදාරද කැන්ඩි කණ්ඩායමේ පිතිකරණ ශක්තිය වැඩිකරන්නෝ වෙති.

පන්දු යැවීමේ අංශය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින පුලින තරංග කැන්ඩි කණ්ඩායම සතු ප්‍රධානම අවිය වේ. තරග 7 කට ක්‍රීඩා කර සිටින දකුණත් පාදඟ පන්දු යවන්නා මේ වන විට බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 18 කි. ඔහුට අමතරව තරග 3 කදී කඩුලු 10 ක් බිඳ හෙළා සිටින අෂේන් ඩැනියල්ට හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන්නේ ඔහුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා වන ජෛව බුබුල වෙත නිදහස් කර යැවීම නිසාය. ජැෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නන් අතර කැපී පෙනෙන ධනංජය ද සිල්වාට අමතරව තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්ව සිටින අනෙත් එකම පන්දු යවන්නා වන්නේ නුවන් ප්‍රදීප් වේ. ඔහු තරග 6 කදී කඩුලු 09 ක් බිඳ හෙළීමට සමත්ව තිබේ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest