slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2022
පොදුරාජ්‍ය මණ්ඩල ‘රන් ගැටුමට’ ශ්‍රී ලංකා පිල ‘බී’ කාණ්ඩයෙන්

sinhala editor

ජූළි 29 වැනිදා එංගලන්තයේ බර්මිංහැම් නුවරදී ආරම්භ වන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ඇතුළත්ව තිබෙන කාන්තා ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග ඉසව්ව යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය සමඟ එක්ව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර සිටියි.

කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා අවසන් වරට සුදුසුකම් ලද කණ්ඩායම බවට පත්වූයේ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වේ. ඔවුන් මැලේසියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් මෙම අවස්ථාවට සුදුසුකම් ලබා ගනු ලැබීය.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, බාබඩෝස්, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන රටවල් තරග වදිති. පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියක් බැවින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයට එක්ව තරග කිරීමේ අවස්ථාව මෙම තරගාවලියේදී අහිමි වේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී එයට අයත් දූපත් තනි තනිව තරග කිරීම එම තත්ත්වයට හේතුවී තිබෙන බැවින් ඒ සඳහා බාබඩෝස් පමණක් මෙවර තරගාවලියට තරග කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

‘ඒ’ හා ‘බී’ කාණ්ඩ යටතේ මූලික වටයේ තරග පැවැත්වෙන මෙම තරගාවලියේදී එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ එදිරිවාදීහු බවට පත්ව සිටිති.  අවසන් වරට පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ලාභීන් වන ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ‘ඒ’ කාණ්ඩය යටතේ ඉදිරිපත්වද්දී පාකිස්තානු කණ්ඩායමද ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කිරීම නිසා එම කාණ්ඩයට වැඩි අවධානයක් යොමු වී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩල තරග ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව එක්වන දෙවැනි අවස්ථාව ලෙසින් සටහන් වන මෙවර තරගාවලියේ පදක්කම් සඳහා වන අවසන් මහ තරගය අගෝස්තු මස 07 වැනිදා පැවැත්වෙනු ඇත. මීට පෙර අවසන් වරට 1998 වසරේදී ක්වාලලාම්පූර්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබුණු අතර ෂෝන් පොලොක්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. ස්ටීව් වෝගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහ තරගයේදී කඩුලු 4 කින් පරාජයට පත් කරමින් එම සුවිශේෂී රන් පදක්කම දකුණු අප්‍රිකානුවෝ දිනාගත්හ.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee