slc
logo
Home   |    News
මාර්තු 26, 2022
කළම්බු කළින්ම දිනයි

sinhala editor

කළම්බු නායක දිමුත් කරුණාරත්න සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය දැක්වූ විශිෂ්ට දක්ෂතා මුල්කර ගත් කළම්බු කණ්ඩායම ගෝල් පිලට එරෙහිව පැවැති සිව්දින තරගයෙන් අද (25) කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ සම්පූර්ණ දින දෙකක්ම  ඉතිරිව තිබියදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මෙම නැෂනල් සුපර්ලීග් තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කළම්බු කණ්ඩායම තරගයක් පමණක් විසඳුමක් නොමැතිව ඉතිරි තරග සියල්ල ජයගෙන සිටී.

දෙවැනි දිනයේ උදෑසනම තම මුල් ඉනිම ලකුණු 152කට නිමවීමෙන් පසුව කළම්බු කණ්ඩායම, දෙවැනි ඉනිමේදී ගෝල් කණ්ඩායම නැවත වතාවක් ලකුණු 103කට සීමාකළේ විශිෂ්ට පන්දු යැවීමක හා පන්දු රැකීමක නිරතවෙමිනි. ජයග්‍රහණය සඳහා කළම්බු කණ්ඩායමට දෙවැනි ඉනිමේදී ලකුණු 219ක් අවශ්‍ය වු අතර ඔවුන් එය ලබාගත්තේ පන්දුවාර 50.4කදී පිතිකරුවන් දෙදෙනකු පමණක් දැවී යමිනි.

නායක දිමුත් කරුණාරත්න පන්දු 143ට මුහුණදී හතරේ 15ක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 125ක්ද අංක හතර පිතිකරු රොෂේන් සිල්වා පන්දු 77කදී හතරේ 7ක් සමඟ නොදැවී ලකුණු 55ක්ද රැස්කරමින් කළම්බු ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත්හ.

මොවුනගේ හොඳම සබඳතාවයන් වූයේ දිමුත් කරුණාරත්න සහ නිපුන් ධනංජය දෙවැනි කඩුල්ලට පන්දු 154කදී එක්කළ ලකුණු 110 සහ දිමුත් කරුණාරත්න සහ  රොෂේන් සිල්වා තෙවැනි කඩුල්ලට පන්දු 133කදී නොදැවී ලබාගත් ලකුණු 106වේ.

තරගයේ ප්‍රථම දින (24) ගෝල් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 267ට පිළිතුරු ලෙස දිනය නිමාවන විට කඩුලු 6කට ලකුණු 110ක් ලබාසිටි කළම්බු කණ්ඩායමට අද (25) නැවත තරගය ආරම්භ කිරීමෙන් පසු ඉතිරි කඩුලු 6 දැවී තවත් එක්කර ගතහැකිවූයේ ලකුණු 42කි. අකිල ධනංජය (47/5) සහ චානක රුවන්සිරිගේ (45/3) දක්ෂ පන්දු යැවීම හමුවේ කළම්බු මුල් ඉනිම පන්දුවාර 38.5කදී නිමාවූයේ මුළු ලකුණු 152කටය.

ප්‍රථම ඉනිමේදී ලකුණු 115ක් ඉදිරියෙන් සිටි ගෝල් දෙවන ඉනිම සඳහා ප්‍රබල තත්ත්වයකින් පිටියට පිවිසියත් නැවතවතාවක් අසීරුතාවයකට මුහුණ දුන්නේ ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේදී ලකුණු 47කට කඩුලු 5ක් දවාලීමෙනි. ප්‍රභාත්ට අනිගි සහයක් ලබාදුන් ලක්ෂාන් මනසිංහ ලකුණු 22කට කඩුලු 3ක්ද නලීන් ප්‍රියර්ශන ලකුණු 39කට කඩුලු 2ක්ද දවාලීමෙන් ගෝල් දෙවන ඉනිම පන්දුවාර 18ක් තුළ නිමාවූයේ ලකුණු 103ක් වැනි අඩු සංඛ්‍යාවකටය.

ගෝල් දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ නොදැවී ලකුණු 47ක් රැස්කළ ධනංජය ලක්ෂාන් සහ ලකුණු 26ක් රැස්කළ පබසර වඩුගේ පමණි.

ගෝල් ප්‍රථම ඉනිම සියල්ල දැවී 267 (පන්දුවාර 61.3යි) – (සංගීත් කුරේ 51, ප්‍රියමාල් පෙරේරා 51, පබසර වඩුගේ 42, කවිෂ්ක අංජුල 33, ධනංජය ලක්ෂාන් 24, චානක රුවන්සිරි 19, හෂාන් දුමිඳු 18, දිනේෂ් චන්දිමාල් 17, ප්‍රභාත් ජයසූරිය 111/6, අෂේන් බණ්ඩාර 4/2යි)

කළම්බු ප්‍රථම ඉනිම සියල්ල දැවී 152 (පන්දුවාර 38.5) – (අෂේන් බණ්ඩාර 35, නිපුන් ධනංජය 25, සිතාර ගිම්හාන් 20, ප්‍රමෝද් මධුවන්ත 17, ළහිරු මධුශංක 12, අකිල ධනංජය 47/5යි, චානක රුවන්සිරි 45/3යි)

ගෝල් දෙවන ඉනිම සියල්ල දැවී 103 (පන්දුවාර 18 යි) – (ධනංජය ලක්ෂාන් නොදැවී 47, පබසර වඩුගේ 26, හසාන් දුනිඳු 14, ප්‍රභාත් ජයසූරිය 41/5, ලක්ෂිත මනසිංහ 22/3, නලීන් ප්‍රියර්ශන 39/2යි)

කළම්බු  දෙවන ඉනිම කඩුලු 2ට 221යි (පන්දුවාර 50.4යි) – (දිමුත් කරුණාරත්න නොදැවී 125, රොෂේන් සිල්වා නොදැවී 55, නිපුන් ධනංජය 35, චලන ද සිල්වා 30/1, සුමිඳ ලක්ෂාන් 34/1යි)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee