slc
Home   |    News
මාර්තු 13, 2022
කළම්බු – කැන්ඩි කරට කර සටනක

sinhala editor

නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දඹුල්ල ගෝල් තරගයේ දී දඹුල්ල මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 418ට ප්‍රබල පිළිතුරක් ලබාදෙමින් ගෝල් දෙවන දින නිමාවන විට කඩුලු දෙකකට ලකුණු 225ක් ලබා සිටිය දී මාළිගාවත්තේ පැවැත්වෙන කළම්බු – කැන්ඩි තරගය දැන් කරට කර සටනක් බවට පෙරළී තිබේ.

කළම්බු – කැන්ඩි තරගයේ කැන්ඩි මුල් ඉනිමේ රැස් කළ ලකුණු 241ට පිළිතරු ලෙස කළම්බු මුල් ඉනිම සඳහා ලකුණු 218ක් රැස් කර මුල් ඉනිමේ දී ලකුණු 23ක් පිටුපසින් සිටි අතර, දඹුල්ල ගෝල් තරගයේ දී ගෝල් අද තරගය නිමවන විට කඩුලු අටක් ඉතිරිව දඹුල්ලට වඩා පිටුපසින් සිටින්නේ ලකුණු 193කිනි.

දඹුල්ල ගෝල් තරගයේ දී දඹුල්ල නායක මිනෝද් භානුක ලකුණු 163ක් රැස් කරමින් තම කණ්ඩායමේ විශාල ලකුණු සංඛ්‍යාවට ප්‍රබල අඩිතාලමක් දමා තිබිය දී ගෝල් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් සහ හෂාන් දුමිඳු නොදැවී අර්ධ ශතක රැස් කරමින් සාර්ථකව දඹුල්ලේ ලකුණු සංඛ්‍යාව (418) හඹා යමින් සිටිති.

කැන්ඩි – කළම්බු තරගයේ දී කැන්ඩි ප්‍රථම ඉනිමේ රැස්කළ ලකුණු 241 හඹා යද්දී ප්‍රථම දිනයේ ඔවුන් ලකුණු 28ක ට කඩුලු හතරක් දැවී සිටියත් දෙවන දින ළහිරු මධුශංඛ නොදැවී ලකුණු 80ක් ලබාගනිමින් තම කණ්ඩායම කැන්ඩි ඉනිම ආසන්නයටම රැගෙන යාමට මුල්ව ක්‍රියා කළේය.

මාළිගාවත්තේ පැවැත්වෙන කළම්බු – කැන්ඩි තරගයේ දී කැන්ඩි කණ්ඩායම රැස්කළ ලකුණු 241 හඹා යාමේ දී කළම්බු කණ්ඩායම වරක් ලකුණු 84 කඩුලු හතක් දැවී අසීරු තත්ත්වයක සිටිය දී ළහිරු මධුශංඛ (නොදැවී 80) ප්‍රබල පිතිහරඹයක නියැලෙමින් අට වන කඩුල්ලට ලක්ෂිත මනසිංහ (ලකුණු 53) සමග ලකුණු 89ක සබඳතාවයක් ද (පන්දු 145) නවන කඩුල්ලට ප්‍රභාත් ජයසූරිය සමග ලකුණු 40ක සබඳතාවයක් ද (පන්දු 67) තබාගනිමින් තරගයේ ස්වරූපය වෙනස් කළහ.

ළහිරු මධුශංඛ පන්දු 139ක දී හතරේ තුනක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 80ක් ද ලක්ෂිත මනසිංහ පන්දු 85ක දී හතරේ හතක් සමග ලකුණු 53ක් ද ප්‍රභාත් ජයසූරිය පන්දු 44ක දී හතරේ තුනක් සමග ලකුණු 20ක් ද රැස්කළහ.  කැපී පෙනුණු පන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ අෂේන් ඩැනියල් කඩුලු තුන බැගින් දවාලීමට සමත් වූහ.

රංගිරි දඹුලු ක්‍රීඩාගංණයේ දී පැවැත්වූ දඹුල්ල ගෝල් තරගයේ දී ප්‍රථම දින තරගය නිමවන විට දඹුල්ල කඩුලු පහකට ලකුනු 332ක් ලබා සිටියත් දෙවන දින ඉතිරි කඩුලු පහ දැවී ගියේ තවත් ලකුණු 86ක් එක්වද්දීය.

දඹුල්ල නායක මිනෝද් භානුක පන්දු 213ක දී හතරේ 18ක් සමග ලකුණු 163ක් ද ළහිරු සමරකෝන් නොදැවී ලකුණු 37ක් ද (පන්දු 34 හතරේ හයයි) ලබා මෙදින ලකුණු අතර සිටියහ.  චානක රුවන්සිරි මෙදින පන්දු යැවීමේ දී විශේෂ දක්ෂතා දැක්වූයේ ලකුණු 62ක ට කඩුලු හතරක් දවාලමිනි.

දෙවන දින තරගය නිමවන විට ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 93ක් ද (පන්දු 150යි හතරේ 11යි) හෂාන් දුමිඳු නොදැවී ලකුණු 59ක් ද (පන්දු 154යි හතරේ පහයි) ලබා සිටි අතර, මොවුනගේ තෙවන කඩුල්ලේ නොදැවුණු සබඳතාවය ලකුණු 157කි. (පන්දු 309යි).

ලකුණු පුවරුව

  • දඹුල්ල – ගෝල් (දඹුල්ලේ දී)

දඹුල්ල මුල් ඉනිම 418යි (පන්දු වාර 116.1යි) – (මිනෝද් භානුක 163, නිමේෂ් ගුණසිංහ 103, ළහිරු සමරකෝන් නොදැවී 37)

පවන්ත වීරසිංහ 29, අකිල ධනංජය 98/3, චානක රුවන්සිරි 62/4)

ගෝල් පළමු ඉනිම කඩුලු 2ට 225 – (ධනංජය ලක්ෂාන් නොදැවී 93, හෂාන් දුමිඳු නොදැවී 59, සංගීත් කුරේ 32, පබසර වඩුගේ 34, මලින්ද පුෂ්පකුමාර 42/1)

  • කළම්බු – කැන්ඩි (ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය මාළිගාවත්ත)

කැන්ඩි පළමු ඉනිම 241 – (ඕෂද ප්‍රනාන්දු 105, කසුන් විදුර 43, කමිඳු මෙන්ඩිස් 26, ප්‍රභාත් ජයසූරිය 47/3, ලක්ෂිත මනසිංහ 59/3, කසුන් රාජිත 43/2, නිසල තාරක 61/2)

දෙවන ඉනිම කඩුලු 3ට 94යි (පන්දු 28යි) – (කමිඳු මෙන්ඩිස් නොදැවී 48, කමිල් මිෂාර 25, ලක්ෂිත මනසිංහ 40/3යි)

කළම්බු පළමු ඉනිම 218 (පන්දු වාර 73.5) – ළහිරු මධුශංඛ නොදැවී 80, ලක්ෂිත මනසිංහ 53, ප්‍රභාත් ජයසූරිය 20, අසිත ප්‍රනාන්දු 38/3, අෂේන් ඩැනියල් 51/3, සචිඳු කොළඹගේ 37/2)

Bandula Molligoda

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest