slc
logo
Home   |    News
මාර්තු 28, 2022
පළමු ඉනිමේ ජයත් සමඟින් ජැෆ්නා අවසන් 4ට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලැබීමට තීරණාත්මක තරගයේදී දඹුල්ල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ජැෆ්නා කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (27 දා) සමත්වූවේය.

දඹුල්ල මුල් ඉනිමේ ලබාගත් ලකුණු 283ට පිළිතුරු ලෙසින් ජැෆ්නා සිය මුල් ඉනිම ලකුණු 379ක් ලබා ගැනීමට සමත්විය. අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 7 කට ලකුණු 354ක් ලබා සිටි ජැෆ්නා කණ්ඩායම ඉතිරි කඩුලු තුන සඳහා රැස් කර ගත හැකි වූයේ ලකුණු 25ක් පමණක් වන විට දැවී ගිය කඩුලු 3 ම වමත් වේග පන්දු යවන්නා වන විශ්ව ප්‍රනාන්දු දවා ගත්තේය.

දඹුල්ල  දෙවන ඉනිමේදී පන්දුවාර 59ක්  තුළ කඩුලු නවයකට ලකුණු 256ක් ලබා ගනිමින් අවසන් හෝරා එකහමාර තුළ ලකුණු 160 ක අභියෝගයක් ජැෆ්නා පිලට ලබාදුන්නේය. ජැෆ්නා කන්ඩායමේ ප්‍රථම කඩුලු දෙක නවෝද් පරනවිතාන (00) සහ සමිඳු ප්‍රනාන්දු (6) මුළු ලකුණු 16ක් වන විට දැවීයාමක් සමග ජයග්‍රහණය පසුපස හඹා යැම ඔවුන් නතර කළහ.

සිව්වැනි දින උදෑසන දඹුල්ල මුල් ඉනිමේ හොඳම සබඳතාවය වූයේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ (46) සහ නිමේෂ්  ගුණසිංහ (35) පළමු කඩුල්ලට පන්දු 116 කදී ලබාගත් ලකුණු 81 ය. වැඩිම ලකුණු ලාභීන් වූ අෂාන් ප්‍රයංජන් ලකුණු 62 ක්ද නායක මිනොද් භානුක ලකුණු 48 ක්ද සහ නිමේෂ ගුණසිංහ ලකුණු 35 ක් රැස් කළහ.  ජැෆ්නා නායක ධනංජය ද සිල්වා ලකුණු 44කට කඩුලු තුනක් දවාලමින් හොඳම පන්දු යැවීම වාර්තතා කළේ ය.

ලකුණු පුවරුව

දඹුල්ල මුල් ඉනිම 283 ( පන්දුවාර 99.5 යි ) – ලසිත් අබේරත්න 68 ,දුෂාන් හේමන්ත,63 ,මිනොද් භානුක 53,චමිඳු විජේසිංහ 35,ලියො ෆ්‍රැන්සිස්කෝ 24, නුවන් ප්‍රදීප් 52/7)

ජැෆ්නා මුල් ඉනිම 379 ( පන්දුවාර 122) නිශාන් මදුෂ්ක 69, ජනිත් ලියනගේ 69,සමිඳ ප්‍රනාන්දු 52අවිශ්ක තරිදු 40, දිලුම් සූධීර 32,ගීත් කුමාර 26 ,නවෝද් පරණවිතාන 26 ,ධනංජය ද සිල්වා 25,මලින්ද පුෂපකුමාර 131/4 විශ්ව ප්‍රනාන්දු 66/4)

දඹුල්ල දෙවන ඉනිම කඩුලු 9ට 256 (පන්දුවාර 59) – අෂාන් ප්‍රියංජන් 62, මිනෝද් භානුක 48,ලියෝ ෆ්‍රැන්සිස්කෝ 46 ,නිමේෂ ගුණසිංහ 35,ලසිත් අබේරත්න 26,ධනංජයද  සිල්වා 44/3,ජනිත් ලියනගේ 26/2,දිලුම් සූධීර 87/2,ජෙෆ්රි වැන්ඩසේ 63/2)

ජැෆ්නා දෙවන ඉනිම කඩුලු 2ට 61 ( පන්දුවාර 18 යි) – නිශාන් මධුෂ්ක නොදැවී 32,ධනංජයද සිල්වා නොදැවී 23,මලින්ද පුෂ්ප කුමාර 20/2 යි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee