රංගිරි දඹුල්ල ක්රීඩාංගණයේ පැවති ගොල් – දඹුල්ල තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් විසඳුමකින් තොරව මාර්තු 13 වැනිදා නිමාවට පත්විය. දඹුල්ල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 418ට පිළිතුරු ලෙස ගෝල් මුල් ඉනිමේ ලකුණු 513ක් රැස් කරමින් පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටියේ ලකුණු 95කිනි. තරගය සිව්වැනි දිනය අවසන් වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි ගෝල් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියේය.
මේ තරගයේ විශේෂත්වය වූයේ කණ්ඩායම් දෙකේ පිතිකරුවන් දෙදෙනා බැගින් ප්රථම ඉනිමේදී ශතක රැස් කිරීමයි. දඹුල්ල කණ්ඩායමේ නායක මිනොද් භානුක (163) සහ නිමේෂ ගුණසිංහත් (103) ගොල් කණ්ඩායමේ හෂාන් දුමිඳු (161) සහ ධනංජය ලක්ෂාන් (119) ශතක වාර්තා කළ පිතිකරුවෝ වූහ.
අවසාන දින (13) දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 70කදී කඩුලු 7කට ලකුණු 300ක් රැස් කළේ පන්දුවාරයකට 4.5ක් වැනි වේගයකිනි.
මේ තරගයේදී කිසිදු පන්දු යවන්නෙකුට පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අවස්ථාවක් නොවීය. ගෝල් කණ්ඩායමේ චානක රුවන්සිරි මුල් ඉනිමේදී ලකුණු 62කට කඩුලු හතරක්ද දඹුල්ල කණ්ඩායමේ ළහිරු සමරකොන් මුල් ඉනිමේදී ලකුණු 52කට කඩුලු හතරක්ද දවාලලමින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් දෙදෙනා බවට පත්විය. ආරම්භක දිනයේ සිට අවසානය තෙක්ම මෙම තරගයේ විසඳුමක් ලබා ගැනීමේ උත්සහයක් පෙනෙන තෙක් මානයක නොතිබිණී.
දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 116.1 කදී සියලු දෙනා දැවී ලකුණු 418 යි – (මිනෝද් භානුක 163,නිමේෂ ගුණසිංහ 103,අකිල ධනංජය 98/3,චානක රුවන්සිරි 62/4)
ගොල් පළමු ඉනිම පන්දුවාර 146.4 කදී ලකුණු 513 යි – (හෂාන් ඳමිඳු 167, ධනංජය ලක්ෂාන් 119, විෂාඩ් රන්දික 51, සුමින්ද ලක්ෂාන් 46, ළහිරු සමරකොන් 52/4, අශාන් ප්රියංජන් 84/3)
දඹුල්ල දෙවන ඉනිම පන්දුවාර 70 කදී කඩුලු 7ට ලකුණු 300 යි – (පවන් වීරසිංහ 76, මිනොද් භානුක 49, අශාන් ප්රියන්ජන් 37, චමිඳු විජේසිංහ නොදැවී 40, නිමේෂ් විමුක්ති 74/2, අකිල ධනංජය 66/2, චානක රුවන්සිරි 49/2)
ගෝල් දෙවැනි ඉනිම පන්දුවාර 20 කදී කඩුලු 2 ට ලකුණු 80 යි – (සංගීත් කුරේ නොදැවී 47, ධනංජය ලක්ෂාන් නොදැවී 15, දුෂාන් හේමන්ත 23/1, පවන්ත වීරසිංහ 10/1)
– බන්දුල මොල්ලිගොඩ






