slc
Home   |    News
මාර්තු 17, 2022
සුමින්දගේ පන්දු යැවීම නිසා ජැෆ්නා අමාරුවේ

sinhala editor

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (17 දා) ආරම්භ වුණු ගෝල් – ජැෆ්නා තරගයේදී ගෝල් කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් ලකුණු 17කට කඩුලු 4ක් දවාලීමට සමත්වීම මත පළමුව පන්දුවට පහර දෙමින් සිටින ජැෆ්නා ඉනිම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 9කට ලකුණු 218 ක් වශයෙන් සටහන්ව තිබිණ. සිව්දින තරගාවලියේ හත්වන තරගය ලෙසින් අද ඇරැඹි මෙම තරගය පැයකට පමණ කලින් නතර කරන ලද්දේ අයහපත් කාලගුණය මතය.

ගෝල් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ජැෆ්නා කණ්ඩායමට පැවරූ අතර එහිදී එකම පිතිකරුවකුට හෝ අර්ධ ශතකයක් කරායාමට අසමත්විය. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාවූයේ ආරම්භක පිතිකරු 20 හැවිරිදි නවෝද් පරණවිතානට ලබාගත හැකිවූයේ ලකුණු 34ක් පමණකි. එහෙත් පිතිකරුවන් අටදෙනෙකුම ලකුණු 17-34 අතර ලකුණු ලබාගැනීමට සමත්වූවද එය ප්‍රමාණවත් නොවන සංඛ්‍යාවන් විය.

මොවුනගේ හොඳම කඩුලු සබඳතා  වූයේ පළමු කඩුල්ලට පරණවිතාන සහ නිශාන් මධුෂ්ක පන්දු 136කදී රැස්කළ ලකුණු 61 ත් සහ හයවන කඩුල්ලට සංතූෂ් ගුණතිලක සහ අවිශ්ක තරිඳු පන්දු 67කදී එක්කළ ලකුණු 36වේ. නවෝද්ට අමතරව නිශාන් මධුෂ්ක ලකුණු 29ක්ද සහ සංතූෂ් ගුණතිලක ලකුණු 28ක් සහ සමිඳ ප්‍රනාන්දු ලකුණු 27ක්ද (පන්දු 53යි හයේ පහරයි) රැස්කළහ. නායක සධීර සමරවික්‍රම (18) අවිශ්ක තරිඳු (18) සහ ජනිත් ලියනගේ (17) යන නම්දැරූ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී යද්දී පසු පෙළ පිතිකරු නුවන් ප්‍රදීප් ඔවුන්ට ආදර්ශයක් වෙමින් නොදැවී ලකුණු 19 ක් ලබා ගත්තේය.

සුමින්ද ලක්ෂාන් පන්දුවාර හයක් යවා ලකුණු 17කට කඩුලු හතරක් දවාලද්දී දිල්ෂාන් මධුෂ්ක සහ චලක ද සිල්වා ද පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූයේ කඩුලු දෙක බැගින් දවාලමිනි.

ලකුණු විස්තරය.

ජැෆ්නා මුල් ඉනිම කඩුලු 9ට 218යි (පන්දුවාර 77යි) – (නවෝද් පරණවිතාන 34, නිශාන් මධුෂ්ක 29, සංතූෂ් ගුණතිලක 28, සමිඳ ප්‍රනාන්දු 27, සධීර සමරවික්‍රම 18, අවිශ්ක තරිඳු 18, නුවන් ප්‍රදීප් නොදැවී 19, ජනිත් ලියනගේ 17, සුමින්ද  ලක්ෂාන් 17/4, දිල්ෂාන් මධුෂ්ක 42/2, චලන ද සිල්වා 72/2)

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest