slc
logo
Home   |    News
මාර්තු 20, 2022
කැන්ඩි ලකුණු 364 ක් ඉදිරියෙන්

sinhala editor

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන කැන්ඩි – දඹුල්ල තරගයේ තෙවන දින නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන කැන්ඩි කණ්ඩායම දඹුල්ල මුල් ඉනිමට වඩා ලකුණු 364 කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. ප්‍රථම ඉනිමේදී කැන්ඩි කණ්ඩායම ලකුණු 446ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී දඹුල්ල ඉනිම ලකුණු 216 කට සීමා කිරීමට කැන්ඩි පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 230කින් ඉදිරියට පැමිණි කැන්ඩි කණ්ඩායම තෙවැනි දිනට තරගය නිමවන විට කඩුලු තුනකට ලකුණු 134ක් ලබා සිටින හෙයින් ඔවුන් කඩුලු හතක් අතැතිව ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 364කිනි. කැන්ඩි මුල් ඉනිමේ ලබාගත් ලකුණු 446 හඹායාමට දඹුල්ල පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ  දෙවන දින ඔවුන් කඩුලු තුනකට ලකුණු 77ක් ලබා සිටියත් අද ඉතිරි කඩුලු හත ලකුණු 139 ක් තුළදී දවා ගැනීමට කැන්ඩි පන්දු යවන්නෝ සමත්වූහ.  දඹුල්ල මුල් ඉනිමේ කැපීපෙනුණු පිතිකරුවන් වූයේ අෂාන් ප්‍රියංජන් (73) නායක මිනෝද් භානුක (71) සහ ළහිරු සමරකෝන් (42) පමණකි.

දඹුල්ල කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ අෂාන් ප්‍රියංජන් සහ නායක මිනෝද් භානුක සිව්වන කඩුල්ලට පන්දු 203කදී එක්කළ ලකුණු 125ක සබඳතාවයයි. අෂාන් ප්‍රියංජන් පන්දු 143කට මුහුණදී හතරේ නවයක් සමඟ ලකුණු 73ක්ද මිනෝද් භානුක පන්දු 116කට මුහුණදී හයේ පහරක් හතරේ අටක් සමඟ ලකුණු 71ක්ද රැස්කළහ. ළහිරු සමරකෝන් ලකුණු 42ක් ලබාගත්තේ පන්දු 50කදී හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගිනි.

කැන්ඩි කණ්ඩායමේ කැපීපෙනුණු පන්දු යවන්නන් දෙදෙනා වූ අෂේන් ඩැනියල් ලකුණු 75කට කඩුලු 5ක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 39කට කඩුලු 4ක් ද දවාලූහ.

කැන්ඩි පළමු ඉනිම 446 පන්දුවාර 128.5 – (ඕෂද ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ළහිරු උදාර 83, කමිල් මිෂාර 74, ලසිත් කෲස්පුල්ලේ 43, මලින්ද පුෂ්පකුමාර 120/7)

කැන්ඩි දෙවන ඉනිම කඩුලු 3ට 134 පන්දුවාර 34යි – (ඕෂද ප්‍රනාන්දු 63, කමිඳු මෙන්ඩිස් නොදැවී 36,ළහිරු උදාර නොදැවී 16, ළහිරු සමරකෝන් 16/1යි)

දඹුල්ල මුල් ඉනිම 216 පන්දුවාර 60යි – (අෂාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ළහිරු සමරකෝන් 42, අසිත ප්‍රනාන්දු 39/4, අෂේන් ඩැනියල් 75/5යි)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee