slc
logo
Home   |    News
මාර්තු 21, 2022
නිමේෂ ගුණසිංහගෙන් ශතකයක්

sinhala editor

මහනුවර පල්ලේකැලේ පැවති කැන්ඩි දඹුල්ල නැෂනල් සුපර්ලීග්  තරගය අද  (20) නිමාවට  පත්වුයේ විසඳුමකින් තොරවය. මේ සිව්දින තරගයේ අවසාන දිනය වූ අද විශේෂ සිද්ධීන් වුයේ දඹුල්ල ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ ලකුණු 102ක් රැස් කිරීම විය.

උදෑසන තරගය ආරම්භ කරන අවස්ථාවේ කඩුලු තුනකට ලකුණු 134ක් ලබාසිටි කැන්ඩි දෙවන ඉනිම කඩුලු 4කට ලකුණු 278 දක්වා දීර්ඝ කළේ දඹුල්ල පිලට කොහෙත්ම ළඟා විය නොහැකි ඉලක්කයක් සපයමිනි. ජයග්‍රහණය සඳහා දඹුල්ලට   දෙවන ඉනිමේ ලකුණු 506ක් රැස් කළ යුතු වූ අතර තරගය නිමාවන විට ඔවුන් කඩුලු හතරකට ලකුණු  213ක් ලබා සිටියේය.

කැන්ඩි දෙවන ඉනිමේ හොඳම සබඳතාවය වුයේ කමිඳු මෙන්ඩිස් සහ ළහිරු උදාර සිව්වන කඩුල්ලට එක් කළ ලකුණු 87 ය.  කමිඳු ලකුණු 88 ක් ලබා ගත් අතර ළහිරු උදාර ලකුණු 42ක් ලැබීය. මලින්ද පුෂ්පකුමාර නැවතවතාවක් ප්‍රබල පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 108කට කඩුලු  පහක් ම දවාලමිනි.

දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිමේෂ ගුණසිංහ (නොදැවී 102) සහ ලියෝ ෆ්‍රැන්සිස්කො මුල් විකට්ටුවට ලකුණු 101ක් රැස් කළේ පන්දු 160කදීය. ෆ්‍රැන්සිස්කෝ පන්දු 86කට මුහුණ දී හතරේ හතක් සමග ලකුණු 48ක් ලැබීය.

කැන්ඩි පළමු 446 පන්දුවාර 128.5 – (ඕෂද ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ළහිරු උදාර 83, කමිල් මිෂාර 74, ලසිත් කෲස්පුල්ලේ 43, මලින්ද පුෂ්පකුමාර 120/7)

දඹුල්ල මුල් ඉනිම 216 පන්දුවාර 60යි – (අෂාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ළහිරු සමරකෝන් 42, අසිත ප්‍රනාන්දු 39/4,අෂේන් ඩැනියල් 75/5යි)

කැන්ඩි දෙවන ඉනිම කඩුලු 9ට 278 පන්දුවාර 78.2 – (කමිඳු මෙන්ඩිස් 88, ඕෂද ප්‍රනාන්දු 63, ළහිරු උදාර 42, තීක්ෂිල ද සිල්වා 34, සහන් ආරච්චිගේ 20, මලින්ද පුෂ්පකුමාර 108/5)

දඹුල්ල දෙවන ඉනිම කඩුලු 4ට 213 පන්දුවාර 58.3යි – (නිමේෂ  ගුණසිංහ නොදැවී 102, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 48, ලසිත් අබේරත්න 26, සහන් ආරච්චිගේ 61/2)             

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee