slc
logo
Home   |    News
අප්‍රේල් 9, 2022
අප්සරාගේ ශතකයෙන් ගුවන් හමුදා ‘ඒ’ ජය ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා I කොටසේ ප්‍රධාන ක්‍රිකට් අන්තර් සමාජ තරගාවලියේ අද (7) පැවති ගුවන් හමුදාවʽඒʼ සහ චිලව් මේරියන්ස් තරගයේදී ගුවන් හමුදා ʽඒʼ කණ්ඩායමේ ළිහිණි අප්සරා ලකුණු 127 ක් රැස් කරමින් මෙම කාන්තා එක්දින තරගාවලියේ තෙවැනි ශතකය වාර්ථතා කිරීමට සමත් වූවාය. අප්සරා දැක්වූ මේ දක්ෂතා මත ගුවන් හමුදා ʽඒʼ පහසුවෙන්ම චිලව් මේරියන්ස් පරාජය කළේ ලකුණු 143 කිනි.

මේ අතර  යුද හමුදා ʽඒʼ සහ සීනීගම අතර හික්කඩුවේ පැවති තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර යුද හමුදා ʽඒʼ අවසානයේ ජයගත්තේ ලකුණු 16කිනි.

වැලිසරකදී පැවති නාවික හමුදා – කොල්ට්ස් තරගයෙන් නාවික හමුදාව කඩුලු දහයක ජයක්ද පිටිපනදී පැවති යුද හමුදා ʽබීʼ – ගුවන් හමුදා ʽබීʼ තරගයෙන් යුද හමුදා ʽබීʼ කඩුලු දහයක ජයක්ද අත්කරගනු ලැබීය.

යුධ හමුදා ʽʼ පිලට ලකුණූ 116ක ජයක්

යුද හමුදා ʽඒʼ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම ලකුණු නොලබාව දැවී යාමෙන් පසු තෙවන කඩුල්ලට අනුෂ්කා සංජීවනී (22) සහ රෝෂීනී පෙරේරා (21) පන්දු 69කදී ලකුණු 49ක් රැස් කරමින් කණ්ඩායම් ප්‍රබල තත්ත්වයකට පත් කළහ.

සීනිගම කන්ඩායමේ නවෝද්‍යා නෙත්මිණී ලකුණු 28ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා පරිශ්‍රම යෙදුනත් ඇයගේ සහ ඉමේෂා දුලානිගේ (19) දැවීයාමත් සමග ඔවුනගේ බලාපොරත්තු බිඳවැටිණි.

යුද හමුදා ʽʼ පන්දුවාර 42.4 කදී සියල්ල දැවී 139 ( පන්දුවාර 42.4 යි) – අනුෂ්ක සංජීවනී 22 ,රෝෂීනි පෙරේරා 21/2, සුදර්ශිකා බණ්ඩාර 19, සකුන්තලා ද සිල්වා 15, සචිනි නිසංසලා21/2, විහාරා සෙව්වන්දි 13/2, සුලේෂා සත්සරණි 20/2

සීනිගම පන්දුවාර 43.2 කදී සියල්ල දැවී 123 යි – නවෝද්‍යා නෙත්සරණි.28, ඉමේෂා දුලානි 29, කාව්‍යා කමිදි 15, කවිෂා දිල්හාරි 11, සචිනි නිසංසලා 11, සුගන්ධිකා කුමාරි 30/2, ඉමල්කා මෙන්ඩිස් 13/2

ගුවන් හමුදාව හමුවේ චිලව් මේරියන්ස් පසුබසියි

ගුවන් හමුදා ʽඒʼ කණ්ඩායමේ ළිහිණ අප්සරා පන්දු 160 කදී හතරේ 15ක් සමග ලකුණු 127 ක්ද චමරි පොල්ගම්පල පන්දු 79 කදී හතරේ පහක් සමග ලකුණු 55ක් ද දිලානි මන්දාරා පන්දු 43කදී හතරේ හතරක් සමග ලකුණු 46ක්ද රැස් කළහ. ළිහිණි අප්සරා සහ චමරි පොල්ගම්පල පළමු කඩුල්ලට පන්දු 174කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 142කි.

චිලව් මේරියන්ස් කණ්ඩායමේ මල්ෂා මදුෂානි පන්දු 76කදී හතරේ අටක් සමග ලකුණු 51ක් ලැබීය.

ගුවන් හමුදා ʽʼ පන්දුවාර 50 කදී කඩුලු 4ට 288 යි – (ළිහිණි අප්සරා 127,  චමරි පොල්ගම්පල 55, දුලානි මන්දාරා46, අමා කාංචනා නොදැවී 25, සඳුනි නිසංසලා46/1)

චිලව් මේරියන්ස් පන්දුවාර 46.3ක දී සියල්ල දැවී 145 යි –  (මල්ෂා මදුෂානි 51,  චමරි අතපත්තු 26, පබසරා රණබාහු 11, සඳුනි නිසංසලා 11, විශ්මි ගුණරත්න 10, අමා කාංචන 36/2, ඉනෝෂි ප්‍රනාන්දු 33/2, ඕෂදී රණසිංහ 23/2

යුධ හමුදා ʽබීʼ කඩුලු 9 කින් ජයගනියි

පිනටිපන පැවති මේ තරගයේදී යුධ හමුදා ʽබීʼ කාන්තා කණ්ඩායමේ මදාරා සමරකොන් ලකුණු දහයකට කඩුලු පහක් දවා ගැනීමට සමත්වීමත් සමඟ ගුවන් හමුදා ʽබීʼ කණ්ඩායම් සියලු ක්‍රීඩිකාවන් දැවී ලබා ගත්තේ ලකුණු 51ක් පමණකි.

යුධ හමුදා ʽබීʼ කඩුලු නවයක පහසු ජයක් අත්කර ගත්තේ පන්දුවාර 36.3 ක්ම ඉතිරිවය. නායිකාව ඉරේෂා දමයන්ති පන්දු 42කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 22ක්ද සිතුමිණි පීරිස් පන්දු 23කදී හතරේ තුනක් සමග ලකුණු 18ක්ද රැස් කළහ.

ගුවන් හමුදා ʽබීʼ පන්දුවාර 32.1කදී සියල්ල දැවී 51 යි – උෂානී රුවන්තිකා 10, සදුනි දේද්දුව කුමාර 09, මදාරා සමරකොන් 10/5, නිශාන්ති පද්මචන්ද්‍ර 11/2

යුද හමුදා ʽබීʼ පන්දුවාර 13.3කදී කඩුලු 1ට 52 යි – (ඉරේෂා දමයන්ති නොදැවී 22, සිතුමිණි පීරීස් 18, අයේෂා සඳමාලී නොදැවී 05,සකුණි විජේසිංහ 10/1)

නාවික හමුදාවට කඩුලු 10ක ජයක්

වැලිසර පැවතී මේ තරගයෙන් නාවික හමුදාව කඩුලු දහයක පහසුම ජයග්‍රහණයක් අත්කර ගත්තේ පන්දුවාර 40.2ක් ඉතිරිව තිබියදී ය. නාවික හමුදාව ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා හෂිනි පෙරේරා නොදැවී ලකුණු 29ක්ද  සහ සත්‍යා සංදීපනී නොදැවී ලකුණූ 15 ක්ද රැස් කළහ.

කොල්ට්ස් මුල් ඉනිම පන්දුවාර 36.1 කදී ලකුණු 44 යි – (කවීෂා රණවීර 07, උදාර චේතනී බණ්ඩාර 07, උදේශිකා ප්‍රබෝධනී 10/2, තාරිකා සෙවිවන්දි 13/2, ඉනෝකා රණවීර 8/2, හංසිමා කරුණාරත්න 8/2)

නාවික හමුදාව පන්දුවාර 9.4කදී කිසිවෙකු නොදැවී 45 යි – ( හසිනි පෙරේරා නොදැවී 29, සත්‍යා සංදීපනී නොදැවී 15)

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee