slc
logo
Home   |    News
අප්‍රේල් 11, 2022
යුධ හමුදා කණ්ඩායම් දෙකම ජය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ප්‍රධාන එක් දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (9) පැවති තරග අතුරින් යුධ හමුදා කාන්තා ʽඒʼ සහ ʽබීʼ කණ්ඩායම් දෙකම ජයග්‍රහණය අත්කර ගත්හ

යුධ හමුදා ʽඒʼ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ගුවන් හමුදා ʽඒʼපරාජය කළ අතර යුධ හමුදා ʽබීʼ කණ්ඩායම ලකුණු 84 කින් කොල්ට්ස් පැරදවීය.

නාවික හමුදාව චිලව් මේරියන්ස් පරාජය කරමින්ද සීනීගම කන්ඩායම ගුවන් හමුදා ʽබීʼ පරාජයට පත් කළහ.

නාවික හමුදාවට කඩුලු හතරක ජයක්

මාලිගාවත්ත ආර් ප්‍රේමදාස ක්‍රිඩාංණගනයේ පැවති මේ තරගයේදී නාවික හමුදාවේ ඉනෝකා රණවර ලකුණූ 11කට කඩුලු තුනක් දවාලීමෙන් චිලව් මේරියන්ස් ඉනිම ලකුණු 76කදී නිමාවිණි. නාවික හමුදාව ලකුණු 77ක ඉලක්කයක් හඹා යද්දි ඔවුනගේ කඩුලු හයක්ම බිඳවැටුණි කෙසේ වූවද ඔවුන් ජය ලැබුවේ පාන්දුවාර 32.5ක්ම ඉතිරිව තිබියදීය

චිලව් මේරියන්ස්  පන්දුවාර 38කදී සියල්ල දැවී 76යි – (සඳලි වීරසිංහ 25,සඳුනි නිසසංසලා 16, ඉනෝකා රණවීර 11/3,උදේහික ධනී 20/3, තාරිකා සෙව්වන්දි 13/3)

නාවික හමුදාව පන්දුවාර 17.1කදී කඩුලු 6ට 77 යි –  (හංසිමා කරුණාරත්න 18, හර්ෂිතා සමරවික්‍රම 10, කෞෂල්‍යා ජයවර්ධන 17/2, විදුශිකා පෙරේරා 20/2යි.)

යුද හමුදා ʽබීʼ ලකුණු 84කින් ජයගනියි

කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී යුධ හමුදා ʽබීʼකණ්ඩායමේ සඳුනි ද සිල්වා ලකුණු 21ක් රැස්කර පසුව ලකුණු 15කට කඩුලු 4ක් දවා තුන් ඉරියව්වේම පෑ දස්කම් මත යුධ හමුදා ʽබීʼකණ්ඩායමට ලකුණු 84ක ජයක් අත්විණි

යුධ හමුදා ʽබීʼ කණ්ඩායමේ අයේෂා චන්ද්‍රසිරි පන්දු 91කදී හතරේ තුනක් සමඟ ලකුණු 51ක් රැස් කර වැඩිම ලකුණු ලාභිණි වූවාය.

යුධ හමුදා ʽබීʼ පන්දුවාර 50දී කඩුලු 7ට 154යි – අයේෂා චන්ද්‍රසිරි 56,සඳුනි ද සිල්වා 27,සචිනි ද සිල්වා 21,ඉරේෂා දමයන්ති 10,නිමාෂා මධුෂානි 18/2

කොල්ට්ස් පන්දුවාර 38කදී සියල්ල දැවී 70 යි – (කෞෂානි නුත්‍යාංගා 16, හෝප් ද සිල්වා 12, සඳලි සෙනාරා 08, සඳුනි ද සිල්වා 15/4, අෂිනි සමිඳි 8/2යි

ඩක්වර්ත් ක්‍රමයට යුධ හමුදා ʽʼ ලකුණු 11කින් ජයගනියි

ගුවන් හමුදාවේ ඕෂදී රණසිංහ ලකුණු 26කට කඩුලු හතරක්ම දවා පසුව නොදැවී ලකුණු 24ක්රැස් කරමින් තුන් ඉරියව්වේම මේ තරගයේදී දක්ෂතා පෙන්වූවාය. යුධ හමුදා ʽඒʼ කණ්ඩායමේ මධුෂ්කා මෙත්තානන්ද ලකුණු 24ක් රැස් කර පසුව කඩුලු තුනක් දවාලමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුල් වූවාය

යුධ හමුදා ʽʼ කඩුලු 9ට 126යි පන්දුවාර 48යි – (මධුෂංකා මෙත්තානන්ද 24, නිලුකා කුෂාන්ති 19, රෝෂනි පෙරේරා 19, නිලක්ෂි සිල්වා 16, ඕෂදී රණසිංහ 26/4, මල්ෂා ෂෙහානි 18/2යි)

ගුවන් හමුදා ʽʼ කඩුලු 9ට 110 යි පන්දුවාර 44යි – (ඕෂදී රණසිංහ නොදැවී 24, අමා කාංචනා 22, යශෝධා මෙන්ඩිස් 19, මධුශංකා මෙත්තානන්ද 24/3, නිලක්ෂි ද සිල්වා 11/3 යි )

සීනිගමට ඩක්වර්ත් ක්‍රමයට ජය

සීනීගම කණ්ඩායමේ කවීෂා දිල්හාරි පන්දු 82කට මුහුණදී හතරේ පහර තුනක් සමඟ ලකුණු 79ක් ද, ඉමේෂා දුලානි පන්දු 78කදී හතරේ දෙකක් සමඟ ලකුණු 37ක් ද රැස් කරමින් දක්ෂතා දැක්වූහ. මේ ක්‍රීඩිකාවන් දෙදෙනා සිව්වන කඩුල්ලට එක්කළ ලකුණු ප්‍රමාණය 80කි. ගුවන් හමුදා ʽබීʼ කණ්ඩායමේ මල්කි මදාරා ද මෙදින ලකුණු 75ක් රැස් කිරීමට සමත් වූවාය.

සීනීගම පන්දුවාර 50දී කඩුලු 9ට 185 යි – (කවීෂා දිල්හාරි 79,ඉමේෂා දුලානි 37,විහාරා සෙව්වන්දි 26, සඳුනි දේද්දුව කුමාර 27/2, ශකිලා ප්‍රෙමරත්න 32/2 යි)

ගුවන් හමුදා ʽබීʼ පන්දුවාර 47.5කදී කඩුලු 9ට 164 යි – (මල්කි මදාරා 75, හිරුෂි පීරිස් 14,පියුමිකා ප්‍රනාන්දු 10, සචිනි නිසසංසලා 17/3, සුලේෂා සත්සරණි 28/3)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar