slc
logo
Home   |    News
මැයි 31, 2022
ගුවන් හමුදාව සහ බ්ලුම්ෆීල්ඩ්ට ජය

sinhala editor

මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලිවයේ තවත් තරග දෙකකදී ගුවන් හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අද (30) ජයග්‍රහණ අත්කර ගත්හ. ගුවන් හමුදාව ලකුණු 32කින් වරාය අධිකාරිය පරාජය කළ අතර බ්ලූම්ෆීල්ඩ් නාවික හමුදාව පරාජයට පත් කළේ ලකුණු 16කිනි.

කුරුණෑගල යූත් – යුධ හමුදාව අතර තරගයත් ගොල් සහ කලුතර නාගරික අතර තරගයත් එස්.එස්.සී සහ සී.සී.සී. අතර  තරගයත් වර්ෂාව හේතුවෙන් අතර මඟ නවතා දැමීමට සිදුවිය. බදුරලිය සහ ලන්කන් අතර තරගය වැස්ස මත සම්පූර්ණයෙන්ම නොපැවත්විණි.

කුරුණෑගල යූත් සහ යුධ හමුදාව අතර තරගයේදී කුරුණෑගල යූත් කඩුලු 4කට ලකුණු 44ක්  ලබා සිටියදී අයහපත් කාලගුණයේ බලපෑමෙන් තරගය නතර කැරිණි. කුරුණෑගල කණ්ඩායමේ දිල්ෂාන් කොල්ලුරේ නොදැවී ලකුණු 13ක් ද  ගයාන් මනීෂාන් ලකුණු 11ක් ද ලබා සිටියේ ය. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ(13/1) අසේල ගුණරත්න ( 8/1) සුමින්ද ලක්ෂාන් (3/1) ලක්ෂාන් එදිරිසිංහ (6/1) කැපී පෙනුණි.

ගොල් සහ කලුතර නගර අතර තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ගොල් කන්ඩායම පන්දුවාර 4.1කදී කඩුලු 2කට ලකුණු 25ක් ලබා සිටියදී වර්ෂාව මත තරගය අත්හිටුවිණි. ඒ වනවිට විනුර දුල්සර නොදැවී ලකුණු 14ක් ලබා සිටියේ ය. ඉසංක සිරිවර්ධන ලකුණු 11කට කඩුලු දෙකක් දවාලීය.

එස්.එස්.සී. සහ සී.සී.සී. අතර තරගයේදී පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායම පන්දුවාර පහකදී කඩුලු දෙකකට ලකුණු 24ක් ලබා සිටියදී වැස්ස පතිත වූයෙන් මේ තරගයද නතර කැරිණී. මේ වනවිට චරිත් අසලංක 09ක් ද කුසල් මෙන්ඩිස් 07 ක් ද ධනුස්ක ගුණතිලක නොදැවී ලකුණු හයක් ද ලබා සිටියහ මලින්ද පුෂ්පකුමාර ලකුණකට කඩුල්ලක් ද නුවන් තුෂාර ලකුණු දෙකකට කඩුල්ලක් ද දවාලූහ.

ගුවන් හමුදාවට ලකුණු 32 ක ජයක්

කණ්ඩායමකට පන්දුවාර 15 බැගින් හිමිවන පරිදි එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී නාවික හමදාවේ නායක ළසඳ රුක්මාල් පන්දු 30කදී හතරේ හතරක් සමග  ලකුණු 31ක් රැස් කිරීමෙන් සහ අංක හත පිතිකරු මුවින් සුබසිංහ තුන් ඉරියව්වේම දැක්වූ දක්ෂතා මත ගුවන් හමුදාවට පහසු ජයක් අත්විය

ගුවන් හමුදාව පන්දුවාර 15 කදී කඩුලු 8ට ලකුණු 118 යි – ළසිඳ රුක්මාල් 31, මුවින් සුබසිංහ 24, දේශාන් ප්‍රනාන්දු 16, සිතිජ චමෝද් 12, චානක දේවින්ද 17/4, තුෂාන් දිල්හාර 18/1

වරාය අධිකාරිය පන්දුවාර 14.5 කදී සියල්ල දැවී ලකුණු 86 යි – සිතුම් දිසානායක 32, ෂෙහාන් ප්‍රනාන්දු 21, ශාලක බණ්ඩාර 12, මධුශංඛ ප්‍රේමරත්න 12/3, මුවින් සුබසිංහ 21/2, තුෂාර ඉෂාන් 11/2.

බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 16 ක ජයක්

කණ්ඩායමකට පන්දුවාර හය බැගින් සීමා වූ මෙම තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ළහිරු මධුෂංක (18)  සහ මාලින්ද පෙරේරා (6/3) දැක්වූ දස්කම් මත බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ලකුණු 16ක ජයක් අත්විය.

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර හයකදී කඩුලු 7ට ලකුණු 46 යි – ළහිරු මධුශංඛ 18, ප්‍රසාන් වික්‍රමසිංහ නොදැවී 07, යොහාන් චානුක 07, දිලංක අවුවාට් 16/3, පූර්ණ චාරුක 9/2

නාවික හමුදාව පන්දුවාර හයකදී කඩුලු 4ට ලකුණු 30 යි – ළහිරු ජයකොඩි නොදැවී 12, සචිත්‍ර සේනානායක 10,  මාලින්ද පෙරේරා 6/3

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee