slc
logo
Home   |    News
මැයි 21, 2022
නිපුන්ගෙන් නායකත්වයේ ඉනිමක්

sinhala editor

අත්‍යවශ්‍ය අවස්ථාවක නැවත ලකුණු අතරට පිවිසෙමින් නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 81ක් රැස්කිරීමට  කිරීමට සමත්වීම නිසා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමේ අවදානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ඉන්ගොඩ ගැනීමට සමත්වූවේය. මෙම ඉනිම ප්‍රධාන කොට පළමු දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 6 කට ලකුණු 230 ක් රැස් කරගෙන සිටියේය.

පෙර තරග වල මෙන් නොව සුපුරුදු ආරම්භක පිතිකරු ස්ථානය වෙනස්කර අංක පහ ස්ථානයට පන්දුවට පහරදීමට පැමිණ වමත් පිතිකරුවා ලකුණු 81 ක රැස් කිරීම සඳහා පන්දු 126 කට මුහුණ දුන්නේය. වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයෙන් පසු ඇරැඹි මෙම තරගයේදී සිය නායකත්වයේ ඉනිම සඳහා නිපුන් හතරේ පහර 4 ක් ඒල්ල කළේය.

මෙහිදී හයවන කඩුල්ලට අවිශ්ක තරිඳු (43) සමඟ ලකුණු 82ක සබඳතාවයක්ද සිව්වන කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු (16) සමඟ ලකුණු 57ක සබඳතාවයක්ද ගොඩනැංවීමට නිපුන් ධනංජය සමත්වූවේය.

පන්දුවාර 63 කට සීමා වූ මෙම තරගයේදී වාසිය දිනා ගත් සරේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නැගී ඒන පිලට ආරාධනා කර සිටියේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස ලසිත් කෲස්පුල්ලේ සහ අවිශ්ක පෙරේරා පිටියට පිවිසි අතර මොවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට පන්දුවාර 10.3ක් තුළ ලකුණු 45ක් රැස්කළේ වේගවත් පිතිහරඹයක නියැළෙමිනි. මේ අවස්ථාවේ ටොම් ලෝව්ස්ගෙ පන්දුවකට ස්මිත් අතට උඩපන්දුවක් දීමෙන් කෲස්පුල්ලේ ලකුණු 32කට දැවීගියේ පන්දු 36කට පමණක් මුහුණදී හතරේ හතරක් සහ හයේ පහරක්ද එල්ල කර සිටියදීය.

මේ සංචාරයේ ලකුණු අතර සිටින පිතිකරුවකු වන නිශාන් මධුෂ්ක මුළු ලකුණු 48දී දෙවැනි කඩුල්ල ලෙස ලකුණක් පමණක් ලබාසිටියදී දැවීගියේ ලොව්ස්ගෙ පන්දුවකට පටෙල්ට උඩ පන්දුවක් පිරිනමිනි. ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය වෙනුවට ආරම්භක පිතිකරු ලෙස ඉනිම ඇරැඹු අවිශ්ක පෙරේරා තෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 57දී ලකුණු 13ක් ලබාසිටියදී (පන්දු 55යි) දැවීගියේ ලංකා කණ්ඩායම යම් අසීරු තත්ත්වයකට පත්වෙමිනි.

අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු (16) සහ සංතූෂ් ගුණතිලක (09) දැවීයාම් සමඟ ලංකා පස්වන කඩුල්ලද බිඳවැටුණේ 127දීය. නුවනිඳු මුළු ලකුණු 115දී විර්දිගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දී ලකුණු 16කටත් සංතූෂ් මුළු ලකුණු 127දී විර්දිගෙ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට ලකුණු නවකටත් දැවීගියහ.

නිපුන්ට අනගි සහායක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමට අගනා මෙහෙවරක් ඉටුකළ අවිශ්ක තරිඳු අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 48ක් කට දැවී ගියේය.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මුල් ඉනිම කඩුලු 6ට 230යි – (නිපුන් ධනංජය නොදැවී 81, අවිශ්ක තරිඳු 48, ලසිත් කෲස්පුල්ලේ 32, නුවනිඳු ප්‍රනාන්දු 16, ටොම් ලෝව්ස් 34/3, අමා විර්දි 45/2)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee